17. හිල

2.1K 494 127
                                    

අපිට තිබුනා ඩ්‍රාමා competition එකක්. තිබ්බෙ ජන කතාවක් රඟපාන්න.

කොහෙන්න කොහොම හරි අපි නටලා නටලා තෝරා ගත්තා අන්දරේ කතාවෙ බීරී හටන 😁

මට හොඳට කෑ ගහන්න පුලුවන් කියලා චීචර් ගත්තා මාව අන්දරේගෙ ගෑණිට

ඒත් දුක කියන්නෙ මට ඕනෙ රැජින වෙන්න. මොකද ජන්කුක් තමා රජා......

මොනවා කරන්නත.
සිතූ දේ නොම වෙයි. නොසිතූ දේ සිදුවෙයි.

යුන්ගියා අන්දරෙ උනා අන්තිමේදී.
ජිමිනා රැජින ☹️

කමක් නෑ දුකක් නෑ ටේහ්‍යුන් කොහොම හරි දරා ගන්න.

අග්නි වර්ෂා දිවිය අහුරා 😣

කොහොම හරි ඒකෙන් මේකෙන් උනෙ අපිට පීරියඩ් කට් කරන්න චාන්ස් එකක් ලැබුන එක

දෙන දෙයියො උඩ පැන පැන ගෙදරටම ගෙනත් දෙනවා කිව්වලු

අපෙ මැඩම් එහා පන්තියෙ සර් කාරයා එක්ක බැඳපු නාකි ජෝඩුව වගෙ හැමදාම වලි.

පස්සෙ බලමුකො..... ප්‍රේමය ඇරඹෙන්නෙ වෛරයෙන් කිව්වාලු😌

එතකොට තමා මට පරණ කතාවක් මතක් වෙන්නෙ.

මම 4පන්තියෙ ඉන්නකොට ජන්කුක්, ජිමින්, මම එකට දහම්පාසල් ගියෙ.

මට ඒ කාලෙ ජන්කුක් ව පේන්න බෑ. මිනිහා හැමතිස්සෙම මගෙ ජිමිනාගෙ ඇගෙ එතෙනවා වැඩී.... තූ නොදකින්.

මම තමා අර කැකුලු සමිතියෙ ලේකම්. මම ඕක ජන්කුක් ට විරුද්ධ ව හැමදාම පාවිච්චි කරලා සභාපතිට ඉන්න අයියාට හොරෙන් කියලා හැමදාම මූව සමිතියෙ සිංදු කියන්න ගන්නවා.

හැමදාම මූ ඉතින් සමිතියෙ අඩනවා. මම කුරිරු සතුටක් ලබනවා. (ඕවා තමා පහු පහු වෙනකොට පල දුන්නෙ මට🤧)

කොහෙන් කොහොම හරි, එක දවසක් සෙල්ලම් කර කර හිටියා අපි.

ජිමිනා යි මායි කිරි කිරි බෝලේ දානකොට මෙන්න ජන්කුක් දුවන් එනවා සරම කැහැ පොට ගහගෙන.

"අනේ ජිමිනෝ.... එන්නකො 😭"
මූ අඩාගෙන ඇවිත් මගෙ යාලුවාගෙ අතෙ එල්ලුනා.

ඒවා කොහෙද මේ ටේහ්‍යුන් එක්ක.

මම ජිමිනාව අනිත් පැත්තට ඇදලා ගත්තා.

High School Romance | TK ✓Where stories live. Discover now