15. මුද්ද

2.2K 523 231
                                    

එදා මෝර්නින් assembly

අපි හිටියෙ පන්තියෙ පෝලිමෙන් වෙන් වෙලා වෙන පෝලිමකට සෙට් වෙලා

ඒකට හේතුවක් තිබුණා.

මොකද අපිට එහා පැත්තෙ හිටියෙ ජන්කුක්ලා 😍

මමත් බලලා බලලා ජන්කුක් ට එහාපැත්තෙන්ම කට්ටිය එහා මෙහා කරලා හිටිගෙන හිටියා.

දුටු දා කුකී මැණික
දෙව්ලොව මතක් වීය

අනේ මගෙ සංකුට්ටා 🙈
ඉන්න ගමන් පොලව හාර හාර ඉන්නවා.

සංකුට්ටා නෙවෙ බිංකුන්ඩා🙈

මේ ගං කබර ටේගෙ බිංකුන්ඩ කුකී

මමත් එයා දිහා වපර ඇහැ දාගෙන හිටියා.

"ඇහැල මල් පිබිදෙන මේ උදයේ, නාතුරු සෙවන යට , පාසලෙ දිරිය දූ පුතුන් ඇමතීමට ගෞරවනීය විදුහල්පති තුමාට මේ කෙරෙන ආරාදනයයි"

Announce කරන අක්කා කිව්වා විතරයි assembly එකෙත් ලව් කරන දිරිය දූපුතුන් අමතන්න පිනා මයික් එක අතට ගත්තෙ සත් අවුරුද්දක් හාමතෙ උන්නු වන මෘර්ගයෙක් වගෙ.

"ළමයි අද මම වැඩියෙ කතා කරන්නෙ නෑ......"
මූ පටන් ගත්තා. ඒකෙ තේරුම මේ ආත්මයට නම් මුගෙ කතාව නතර වෙන්නෙ නෑ කියන එක.

මමත් ජන්කුක් ට ලයින් පාරක් දාගෙන හිටියා.

ඔය අස්සෙ ජින් අලුතෙන් පටි මාරු කරන ඔරලෝසුවක් අරගෙන ඒක අපිට පේන්න කරකෝ කරකෝ ඉන්නවා.

"කෝ බලන්න"
මමත් ඒක අතට අරන් බැලුවා.

"කෝ මටත් දීපන්"
ජිමිනා මගෙ පිටිපස්සට වෙලා උදුරනවා

ඉතින් ගනින්. ඔය ඔරලෝසු මොකටද මගෙ එහා පැත්තෙ මගෙ සුරදූතයා ඉන්නකොට 😌.

මමත් ඔරලෝසුව ජිමින්ට දිලා ජන්කුක් ට ලයින් දාන්න ගත්තා.

"අඩො ටේ පැණි වැක්කෙරෙනවා"
යුන්ගියා මට කියනවා.

"හැක හැක තමා"
මමත් ඇද කරලා ලැජ්ජා නිසා අහක බලා ගත්තා.

ජන්කුක් බිම බලාගෙන.

මූ මගෙ කොල්ලා නේවේ... මගෙ ගෑණු ළමයා වෙයි වගෙ මෙහෙම ගියොත් 😒.

ඒකත් කමක් නෑ. මොක වෙලා හරි මගෙ වෙනවා නම්.

"ටේ වරෙන් බඳින්න"
ජිමිනා කියනවා.

High School Romance | TK ✓Where stories live. Discover now