09- staircase

2.4K 558 151
                                    

එදා අපි හිටියෙ අන්තිම පෝලිමේ. History සර් එනකම් අපි මග බලාගෙන හිටියෙ කයියක් දාන ගමන්.

ජන්කුක් හිටියෙ අපිට පැරලල් තියෙන පෝලිමේ.
මූ දාගෙන නෝට් ලියනවා.

දවසක මූ මැරුනොත් මැරෙන්නෙ නෝට් ලියලා වැඩි වෙලා 😒.

ඔය බඹසරට හිත බැඳිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි කුකී

සඳ හාවා මා හා
හුස්මක් හෝ පාලා 😍

මමත් උට ලයින් පාරක් දාදා හොබියාට හොරෙන් උගෙ දවල් කෑම එක ජිමිනා එක්ක කකා හිටියා.

එතකොට තමා ලීසා ආවෙ
මොනා නැතත් ලීසා හොඳ එකී. අපිත් එක්ක හරි එකතුයි.

"හායි හලෝ"
මේකි ඇවිත් අපි ඉස්සරහින් වාඩි උනා.

මොන මගුලක් මේ කෝල් එකකින් කතා කරනවා වගෙ හලෝ හලෝ ගාන්නෙ☹️.

"ආ ලීසා කොහොමද?"
මට කලින් ජින් ලීසා එක්ක හිනා උනා. මුන් දෙන්නාම හැරි පොටර් එකෙ සෙවරස් ස්නේප් කියන නාකි පොරව බඳින්න ප්ලෑන් කරන නිසා උන් දෙන්නා හරි එකතුයි.

හත්තික්කෙ එතකොට නම්ජුන්??

කමක් නෑ. ඒක ජින් ගෙ පෞද්ගලික දෙයක් නෙ ☺️.

"ඉන්නවා හලෝ. මේ ටේ... ඔයා ඇත්තටම ජන්කුක් ට කැමතිද?"

මේකි ඇහුවා විතරයි මගෙ ගං කබර හදවත ගැලවිලා වැටුනෙ නැති ටික විතරයි.

ඕකත් අහන්න දෙයක්ද ගෑණියෙ. බොගෙ ඇස් පේන්නෙ නැතිද?

"ඔව් බං. ඒක ප්‍රසිද්ධ රහසක් නෙ😌"
මම ගැම්මට කියල දැම්මා.

"මේ හලෝ.. ඔයා වැරදියට හිතන්න එපා. ඒත් ජන්කුක් ඔයාට කැමති නෑ"

මෙන්න මේකි කියනවා. උඹ කියන්න දෙයක්ද යකො. මම දන්නවා☹️

"ආ... මම දන්නවා බන්😁"
වේදනාව හංගගෙන මම කිව්වා.

"නෑ... එහෙම නෙවේ.... එයා මම එනකම් staircase එක ලඟ බලාගෙන ඉන්නවා"

හෑ... මොකක් ද ඒ කියපු හරුපෙ☹️. ජන්කුක් ට වෙන ඉස්කෝලේ ක කෙල්ලෙක් ඉන්නවා නෙ.
එතකොට එයා ඒ කෙල්ලට විතරක් නෙවෙ මේ ගං කබරයා ට පවා ද්‍රෝහි උනාද??

High School Romance | TK ✓Where stories live. Discover now