⭐ යූහා - " කොහෙද බලන් ඉන්නේ උබට නම් හොදටම පිස්සු බං උබ දිහා බලන්නෙත් නැති අඩුම ගානේ උබ ඉන්න අහල පහලකටවත් එන්න කැමති නැති ඕකට මොකට මැරෙන්න හදනවද මන්දා . මට තියෙන බය උබත් එක්ක ඉදලා මටත් පිස්සු හැදෙයි ද කියලා . ආදරේ අන්දයි කිව්වට ආදරේ හින්දා මෙහෙම අන්දවුන වුන් දැක්කමයි. මේ ගොනෝ මං කියන දේ ඇහෙනවද "
යූහා මොනදේ කීවත් ටියා නම් ඒ කිසිම දෙයක් අහන් ඉන්නවා කියල නම් පේන්නේ නෑ මොකද කෙල්ල හිටියේ මේ ලෝකේ නෙවේ. ටියාලගේ ක්ලාස් එකට ටිකක් දුරින් තියෙන බෙන්ච් එකක ඉදගෙන ලමයි ගොඩකුත් වට කරගෙන මොනවදෝ කියව කියව හිනා වෙවී ඉන්න ජන්ග්කුක් ලග තමයි ටියා නතර වෙලා හිටියේ
❤️ටියා - "............."
⭐ ඒ බං මෙන්න ජොන්ග්කුක්
ඇවිල්ලා
❤️ මොකා ? එහෙම වෙන්නේ කොහොමද එයා ඉන්නේ අතනනේ. අර
ටියා ජොන්ග්කුක් ඉන්න දිහාට අත දික් කරමින් යූහා දිහා බලනකොට යූහා රවාගෙන ටියා දිහා බලන් හිටියා
⭐ දෙකේ දෙකේ පොල්ලක් නැද්ද
❤️ ඇයි උබ වහලයක් හගන්න යනවද
⭐ නෑ
❤️ එහෙනම්
⭐ මගේ ඔලුවට එකක් ගහ ගන්න. එතකොට මේ හැමදේම අමතක උනාම මට උබත් එක්ක ඉන්න ලේසියි. නැත්තන් හැමදාම උබ මේ කරන මෝඩ වැඩ නිසා මට තරහ ගිහින්ම එකක් වෙලා මැරෙනව
❤️ තරහ යනවා මිසක් එන්නේ නෑනේ. ආවොත් තමයි ප්රශ්නේ
⭐ අනේ මේ. කිව්වොත් කියන්නේ පට්ට ගොන් කතාවක් ඉදල ඉදල කොරන්නෙත් ගොන් වැඩක්මයි
️❤️ මොකක්ද මං කරපු ගොන් වැඩේ
⭐ උඔ ඉතින් දිනපතාම කරන්නේ ඒ වැඩ තමා ඒත් ඉතින් ඒ කරපූ
ඒවා ඔක්කොටම වඩා අද උදේ කරපු වැඩේ නම් අය කියලා වැඩක් නෑ. ඒකනම් සුපිරිම ගොන් වැඩක්
❤️ මොකද්ද ඒ
⭐ ඇයි අර නොසන්ඩාලයට කැමතියි කිව්වේ ඒකා ගාවටම ගිහිල්ලා
YOU ARE READING
Rejected Love
Fanfictionතමුසේ වගේ කාත් කවුරුත් නැති දුප්පත් එකියෙකුට මං කැමති වෙයි කියලා හිතුවද ..
