💘 05 💘

1.1K 171 11
                                        

අනේ මන්දා මට මින්හෝව පේන්න බෑ. ඒ එයා ප්ලේ බෝයි කෙනෙක් හින්දා වෙන්න ඇති. දැන් දවස් ගානක ඉදන් ඕකා මගේ පස්සෙන්ම එනවා. මට නම් එපා වෙලා තියෙන්නේ අකමැතියි කියලා දැන දැනත් ඒ ගොන් තඩියා පස්සෙන් එන එකට තමයි මට යකා නගින්නේ. එහෙනම්

ජන්ග්කුක් ටත් ඒ විදිහට ම දැනෙනවා ඇති හරියට මං අකමැති කියල දැන දැනත් මින්හෝ පස්සෙන් එනඑක මට වදයක්, කරදරයක් වගේ එයාටත් එහෙම දැනෙනව ඇති. එයාට මාව අප්පිරිය ඇති. මං කියල මොනව කරන්න ද මට ඉතින් ඔයාව ඕනෙනේ. මාව රිජෙක්ට් කරනව දැන දැනත් ඔයාට වදයක් වෙන්න හදන එකට මට සමාවෙන්න. අපේ මාමාකාරයා කිව්වා මට කවදාවත් ආදරය කරන්න එපා කියලා මොකද ආදරය කරන දෙන්නෙක්ට එකතු වෙන්න බැරි වුනොත් ඒක දරා ගන්න බැරි වේදනාවක් කියලා, ඒක ඇත්ත තමයි. ඒ වුනාට මගේ ආදර කතාව ඊට හාත් පසින්ම වෙනස් . මගේ ආදරේ ඒක පාර්ශ්වික ආදරයක් නේ. මම ආදරය කරන කෙනාගෙන් හැම මොහොතක ම රිජෙක්ට් වෙනකොට දැනෙන වේදනාව අපේ මාමා කීව ඒ ආදරේ කරන අයට දැනෙන වේදනාවට වඩා වැඩියි.

ඒත් ඉතින් එහෙම කියලා මම සැලෙනවද නෑනේ . මං මගේ සටන අතාරිනවා ද නෑනේ. හිත ගිය තැන මාලිගා කියනවනේ. මගේ හිතත් ගියත් ගියා ඉතින් අර බලු කුක්කා ගාවටම. මාත් මාලිගා හැදුවා......... හිතින් වැඩේ කියන්නේ තාම මූ ඒ පැත්තට අඩියක්වත් තිබ්බේ නෑ. කමක් මා දිහා නොබලන එකා ඉතින් ඒ පැත්තේ එයිද මං කිව්වේ මගේ මාලිගාව ගැන. මටත් පිස්සු අනේ මූ ගැන හිතන්කොටත් මට පිස්සු දකින කොටත් මට පිස්සු ඇයි මගේ කුකූ ඔයා මාව පිස්සෙක් කලේ

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම් නොසගවා පවසන්නම් ඔබට ආදරෙයි මං

අද උදෙත් ඉතින් මං ආදරෙයි කියලා කිව්වා. ඕක කියන්න ගිහින් මගේ බෙස්ටිගෙනුත් හොදට අහගත්තා. ඔය ටික කිව්වට පස්සේ කුකූගේ නුත් සුපිරි වදන් ටිකක් අහගත්තා. ඒ වෙලාවේ කුකූ නිකන් පිස්සු හැදුන කුක්කෙක් වගේ මගේ ඇගට කඩන් පැන්නා. වෙලාව ට හැපුවෙ නෑ. නැත්තන් ඉතින් ජලබීතිකාවට බෙහෙත් විදින්නත් වෙනව. මොනව වුනත් එයා කෙල්ලෙක්ට ඒ විදිහට කතා කරපු එක වැරදියි. ඒත් එයා මොනවද කිව්වේ කිසිදෙයක් මට ඇහුනේ නෑ නේ. ඇහෙන්නේ කොහොමද මම ඉතින් එයාගේ මූන දිහානෙ කන්න වගේ බලන් හිටියේ එයා මොනව කිව්වද දන්නේ නෑ.

මා ඇසිපිය නොහොලා බැලුවා

මා ඇසිපිය නොහෙලා බැලුවා

මා ඇසිපිය නොහෙලා බැලුවා

ඔය දෑස් දිහාආආආආආආ

අනේ ඉතින් ඒ වෙලාවේ කොල්ලා ගොඩක් තරහෙන් වගේ හිටියේ මුලු මූනම සතු වෙලා ඌ මට ඒ සූකිරි මූන අල්ලලා මිරිකන්නමයි හිතුනේ . නොකිව්වට ඉතින් කිස් එකක් දෙන්නත් මට ආසාවක් ආවා. තව ටික වෙලාවක් එතන හිටියනන්
මං මොනව කරයිද දන්නේ නෑ මං ඒ හිටිය විදිහට කොල්ලව මං අතින් රේප් වෙන්නත් තිබුනා.මගේ හිතේ තියෙන දේ දැනගෙන ද කොහෙදෝ වෙලාවට යුන්හී මාව ඇදගෙන අරන් ආවේ. මං වැරදි දෙයක් ද කලේ මම මගේ ප්‍රේමේ ප්‍රකාශ කලා විතරනේ ඒක වැරදි ද මට නම් එහෙම වැරද්දක් පේන්නේ නෑ. හ්ම් පේන්නෙ නෑ තමයි මට දැන් හැම තැනම
පේන්නේ එයාවනේ.

කවදහරි දවසක කොහොමහරි මං එයාව මගේම කරගන්නවා. ඒක මං වෙන පොරොන්දුවක් . (මතක තියා ගන්න හොදේ) කිව්වට මොකද ඉතින් ඕක කොරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. කමක් නෑ try and try oneday you can fly කියනවනේ. හැරමිටියෙන් යන දවස එනකං මං ට්‍රයි කරනවා ඊට පස්සේ නම් බැරි වෙයි මොකද එච්චර නාකි වුනාම ඉතින් පියාබන්න බෑනේ.කොන්ද කඩාගන්න තමයි වෙන්නේ, කමක් නෑ ඔහේ නාකි වුනාට පස්සෙවත් මේකා මට කැමති වුනොත් අනා මට ඒ ගැන හිතන කොටත් මගේ අසරන හදවත වාවන්නේ නෑ අෆ්ෆා. දැං මෙහෙම දැනෙනව නං එදාට හාර්ටටෑක් එකක් ඇවිත් මාව අරන් යයි දෙයියනේ ඒ කියන්නේ මට කවදාවත් මට මගේ ලව් එක ලැබෙන්නේ නැද්ද ශික් විතරක් හිතට දැනුන වුන් ඉන්නෙම ලබා ගන්න බැරි දුරකින් කියනවනේ මාත් ඉදල ඉදල හිතට දැනෙන්න දුන්නේ මාර එකෙක් ගැනනේ අපරාදේ කියන්න බෑ. හැට පැන්නට පස්සෙවත් කුකූගේ ඔලුව ඉදිමුන අඩුවෙයි කියලා හිතලා කොල්ලාත් එක්ක පෙම් කෙලින්න හිතන් හිටපු මං . ශිකේයියා කලකිරුනා මට මා කෙරේ.

ලෝකේ නැති මල සමයං හැන හිත හිත මං ගේ ලගටත් ආවා. අපේ මාමාකාරයා ගෙදර ඉන්න වද දන්නේ නෑ. හිටියොත් අද අල්ලන අඩව්ව මොකක් වෙයිද දන්නේ නෑ. ඒ අල්ලන ඕන අඩව්වකට තාල තියන්න මාත් ලෑස්තියි. බලමුකෝ අද දුව ද එහෙම තැත්තන් මාමාකාරයද කියලා.







Rejected  Love Where stories live. Discover now