💘 09 💘

827 109 21
                                        

හය්යෝ මොන මල කරුමයක් ද නිදා ගන්නවත් නෑනේ. මොකාද මේ කන අස්සේ ඉදන් කිති කවන එකා. කෝදුරුවෙක් ද නැත්තන් මැස්සෙක් ද කොස්සෙක් ද මොකා වුනත් ඕකා  අහූවුනොත් හම ගලෝනව

යූහගේ ආශ්‍රය නිසා ටියත් දැන් මැර පාට් දාන්න පුරුදු වෙලා . ඒත් කට විතරයි .

කෙල්ල නිදිමතේම හිතන ඒවා තමයි ඔය. කෙල්ල තද නින්දේ හිටියත් කන ගාවින්  දැනුන අමුතු කිතියට කෙල්ලට යාන්තමට ඇහැරුනා . ඒත් තියෙන කම්මැලි කමට ඇස් අරින්නේ නැතිව ආයේ පාරක් නිදා ගන්න හිතන් හිටියත් තමන්ගේ ඉන වටේට මොකක් හරි දෙයක් තදවෙනවා වගේ දැනුන නිසා කෙල්ල එක ඇහක් ඇරලා බැලුවා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් අස් දෙකම  ඇරගෙන ඊට පස්සේ නැගිටින්න හැදුවත් නැගිට ගන්න බැරි වුනා . තමන්ට නැගිටින්න බැරි මොකක් නිසාද කියලා බලන්න හැදුවත් කොහෙද ඉතින් ඒ ඇස් තාම පියවෙන්නමයි බලන්නේ

මගේ ඇග උඩ අලියෙක් වත් පතබෑවිලාවත් ද නැගිටගන්න බැරි ඇගම හිරි වැටිල වගේ.  මගේ  ඇට කටු කුඩු වෙලාද ඒ කියන්නේ දැනටමත් මගේ අනාගතේ අදුරු වෙලා. බදින්නවත් බැරි වුණා. ඊට කලින් මෙහෙම වුනානේ. දයිවයේ සරදම් කියන්නේ මෙව්වට ද

ඉහි ඉහි මගේ අනාගත ස්වාමියා මා ගැන අහිතක් හිතයි ද

හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින්

ලැබේවි කෙදිනක හෝ ඔහු එනතුරා එතකල් බලා ඉදින්

( සින්දුවේ වචන ගැන වැඩිය හිතන්න එපා හරි ද . මට හරියටම මතක නෑ )

මදැයි හිත හොද කමට සින්දුව කියපු එකා කියන දේ අහන් එනකල් බලන් හිටියා. කැමතියි කියපු එකෙකුත් එක්ක ගියානම් අද මගේ ජීවිතේ මෙහෙම අදුරු වෙයිද  ඕකට තමයි කියන්නේ අපායට ගියත් කලින් යන්න ඕනේ කියලා අඩන්න එපා හිත හයිය කර ගන්න

ඇස් පියවෙන්න එපා මගේ සුදු බෝල ඇස් ඔන්න හොදට ඇරල බලන්න මට මොකක්ද වෙලා තියෙන්නේ කියලා

බෙල්ල උස්සන්න බැලුවත් උස්සන්න බෑනේ බෙල්ලත් හිර වෙලා වගේ හුස්ම ගන්න නම් පුළුවන් පපුව උඩනම් මොකුත් නෑ වගේ  ඒ උනාට ඉන හරිය නම් තදවෙල වගේ මොකක් හරි සීතලකුත් දැනෙනවා ගැරඩියෙක්වත් එතිල ද ඊයා එහෙම නම් වෙන්න එපා. පුදුමයි හැබැයි ගැරඩියෙකුටවත් මාව වෙලා ගන්න හිතිලා . චික් මොනවද මං හිතන්නේ අප්පිරියාවේ බෑ

                         බලමු කකුල් ඒව හොල්ලන්නවත් බෑ අඩුවකට අහුවෙලා වගේ. ඊයේ රෑ හොල්මනක් වත් ගහලද මට. ඔන්න ඒ පාර බෙල්ලට හුලන් පාරකුත් වැදෙනවා

බෙල්ල උස්සන්න බැරි නිසා ඇස් කරකලා බොහොම අමාරුවෙන් තමන්ගේ ඇග දිහා බලපුවහම ලාවට දැක්කේ කවුරු හරි කෙනෙක් කෙල්ල ව තදින් බදාගෙන සැපසේ නිදා ගෙන ඉන්නව කියලා

නිදාගෙන ඉන්න ව්දිහට නම් ගොඩාක් හුරතල් පාටට ඇති

හ්ම් පවුනේ ඔහේ නිදාගත්තා වේ අලියෙක්වත් ගැරඩියෙක්වත්  නෙවෙයිනේ

තමන්ට ම මුමුන ගත්ත කෙල්ල ඇස් දෙක පියාගත්තේ ආයෙත් නිදා ගන්න  හිතාගෙන විනාඩි පහක් විතර ඇස් පියා ගත්ත කෙල්ල හෙන ගැහුවා වගේ ඇස් ඇරගත්තේ පස්සේ දෙයක් මීටර් වුනා වගේ.









දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ කොල්ලෙක් මගේ ඇග උඩ නිදි ඒකත් ...............                       



හිස්තැන පුරවගන්න .


Rejected  Love Where stories live. Discover now