මම හිතන්නේ මං මට නොගැලපෙන තැනකට ඇවිත් වගේ. හිත කියන්නෙම අදුරන කෙනෙක් දකින්න කලින් මෙතනින් දැන්මම ජම්පින් ගොයින් වෙයන් කියලා. මේ හයි හීල්ස් මගුලක් දාගෙන පැන පැන තියා තලගොයා වගේ බඩගාගෙන යන්න පුළුවන් වුනොත් තමයි පුදුමේ අවුලක් නෑ වැටී වැටී තමයි නැගිටින්නේ කියනවනේ. ඇත්තටම එහෙම වැකියක් තියෙනවද දැන් සූ බරකුත් ඩවුන්ලෝඩ් වේගෙන එනවා. මෙතන යවා ගන්නේ නැතුව මයේ අම්මා කකුල් දෙකට පින් දීලා වැටී වැටී හරි යමන් . මෙහේ අදුරන එක බලු බල්ලෙක් වත් නෑනේ. ඔහේ වැටුනත් අවුලක් නෑ. එක්කෝ මේ මගුල ගලවලා අතේ අරන් ගියොත් නරක ද කොහෙද මොලේ පුරාම මඩනේ. කිසි වැඩකට ඇති අදහසක් එන්නේ නෑනේ ,අර හා තඩියා මාව ඉස්කෝල පාරේ මී හරක් ලැගපු අර පත මඩවලට වට්ටපු දවසේ ඉදන්, අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන ඔය දනපති පැලැන්තියේ මුස්පේන්තු හැත්තට ඕවට සාප වෙන්න ඕනා. මේ දවස් ටිකේම ඔලුවේ නාපු නිසා මන්දා කන් දෙක සුද්ද කරන කොට ගුරුපාට හෙන ගුලි දෙක තුනක්ම හැට්ට කට්ටට ඇලිල ආව කියහන්කෝ . ශුවර් එකටම ඔලුවෙ තියෙන මඩ ටික හේදිලා කන හරහා පාත්වෙනව ඇති. එහෙම වෙලා හරි මොලේ පෑදුනත් ඇති .
හරි පාර ක්ලියර් හිමින් හිමින් ගොලුබෙල්ලා වගේ යනවද, වේගෙන් කගවේනා වගේ යනවද, නැත්තන් බඩගාගෙන ගැඩවිලෙක් වගේ යනවද ඔහ් නෝ මට බිංකුන්ඩා අමතක උනානේ. පොලව හාරගෙන ගියොත් අවුල් ද එනකොට මුට තෑගි දෙන්න කියල සවලක් අරන් ආව නම් ඒකේන්වත් හාරන් යන්න තිබ්බා. තෑග්ගක් ගත්ත වෙලාවේ ඕක මට අමතක වෙලා ගිය හැටියක්. අර තඩි වල් හාවා නිසා තමා ඔක්කොම . මුල ඉදන්ම ඕකා මගේ ඔලු ගෙඩිය කෑවා. ගෝතයා ඕකා මං ගිය ශොප් එකටම ආවනේ ගිෆ්ට් ගන්න . තෑගි ගත්තනන් කමක් නෑ. ඒකා කරේ අර උලමිව බිත්තියට හේත්තු කර්න් කට කාපු එකනේ . ඊයා මතක් වෙනකොටත් අප්පිරියයි. මගේ වර්ජින් ඇස් දෙකත් දූශනය කරා. මං කියන්නේ බොරු ද අසරණ අපිට ඔහොම කරන වුන්ට හොදක් නම් වෙන්න එපා . මගේ ඇස්වහ වැදිලම අද හෙටම ඔය සම්බන්දේ කැඩිලම පල ඒස්වාහ් තුහ්.. දැන් හරි මට තියෙන්නේ බලන් ඉන්න විතරයි .
🎶 මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා 🎶
YOU ARE READING
Rejected Love
Fanfictionතමුසේ වගේ කාත් කවුරුත් නැති දුප්පත් එකියෙකුට මං කැමති වෙයි කියලා හිතුවද ..
