කැෆේ එකේ වීදුරු බිත්තියෙන් එහා පෙනෙන පාර්ක් එකේ අත් අල්ලන් ඇවිදින කපල් දිහා බලාගෙන කෙල්ල හීල්ලුවා.
❤️ හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය
ඇස් දෙකමයි සැමදා
⭐ මම එන්නේ ඩුබායි රටේ ඉදලා
තෝව හතර වටේ හොයලා
යකෝ මේකී මෙතන සින්දු කිය කිය ආතල් එකේ ඉන්නවා. මං පන දාගෙන මේකිව හොයනවා. අපේ පිටසක්වලයා තමුසේ ව හෙව්වා මේ නිවාඩු දවස් දෙකම උබ කොහෙද මකබෑවුනේ
❤ ️ වෙන කොහෙ යන්නද බං මං අපේ පැල්පතේ ම තමයි උන්නේ ඒක නෙවේ ඇයි මාව පිටසක්වල උන් හොයන්නේ. මෙහෙවුන්ට නම් මාව එපා නේ උන්ටවත් මගේ අගේ තේරිලාද කොහෙද .අනේ වාසනාවන් පිටසක්වලටවත් ගිහින් පවුලක් පන්සලක් වෙන්න පුළුවන් නේ.එහෙට යන්නේ පියාබන පීරිසියෙන් ද දන්නේ නෑ.
⭐ පීරිසියෙන් නෙවෙයි කෝප්පෙන් රෙද්ද. ඌට තියෙන්නේ බයික් එකක්. උගේ බයික් එකෙන් තමා යන්න වෙන්නේ
❤ ️සිරා උන්ට බයිකුත් තියෙනවද
⭐ යකෝ තොට පිටසක්වල උන් නිසා මේ ටිකට මගේ නම අමතක වුනාද මගේ නම සිරා නෙවෙයි අඩේ යූහා .කිම් යූහා පංච කල්යාණයෙන් හෙබි සුන්දර අවුරුදු කුමාරිකාවක් වගේ ඉන්න මාව උබ කොහොමද කොහෙදෝ යන සිරෙක් වගේ දැක්කේ.
❤ ️යූහා උබට පිස්සු ද බං හරි අය මං සිරා ද කියල අහන්නේ නැතුව ධමනි ද කියලා අහන්නං කෝ
⭐ ඒ පාර තව එකියක් කවුද යකෝ ධමනි කියන්නේ. වෙරළු ගෙඩිය වුනත් හතට බෙදලා ලොකුම කෑල්ල අරන් උබට පොඩි ම කෑල්ල දෙන, ලියන්න පැන්සල් නැති උනාව එක පැන්සල දෙකට කඩලා තුඩ නැති පැන්සල් කෑල්ල උබට දෙන අහිංසක සුහච කීකරු විශ්වාසනීය තැන්පත්, අහිංසක ,වැදගත්, බුද්ධිමත් ,අය
තව මොනාද ශික් මගේ ගතිගුණ මතක් වෙන්නේ ත් නෑ ආ කමක් නෑ ආන්න ඒ වගේ ඉන්න මට වඩා ධමනි උබට ලොකු වුනා.
❤ ️අයියෝ නෑ බං නෑ ධමනිවලට වඩා උබ ලොකුයි
⭐ ඒ පාර බහු වෙලා
❤ ️හරි කලින් කියපු ඔක්කොම දේවල් මං ඉල්ලා අස්කර ගන්නවා. ඉතින් තකහනියේ උඔ මාව හොයන් ආවේ ඇයි ඒකත් කැෆේ එකටම
YOU ARE READING
Rejected Love
Fanfictionතමුසේ වගේ කාත් කවුරුත් නැති දුප්පත් එකියෙකුට මං කැමති වෙයි කියලා හිතුවද ..
