හරියටම දැනගන්න ඕන නිසා ආයෙත් බොහොම අමාරුවෙන් මම පහල බැලුවා. බෙල්ල හරවන්නවත් පුළුවන් කියලැයි. මේ යකා මගේ බෙල්ල අස්සෙම මූණ ගහගෙන නේ යන්තමින් වගේ මම දැක්කේ ටැටු වලින් පිරුණ අතක්. කොහෙදෝ යන කාඩයෙක් වගේ මේකා
අහ්
කෙල්ලවත් බදන් ඉන්න මේ ටැටූ කොව්වගේ අත කොල්ලටත් නොදැනීම කෙල්ල ඇදන් හිටිය ස්කිනිය යටින් උඩට එනකොට කෙල්ලටත් මහ ආගන්තුක හැගීමක් දැනුනා. ඉක්මන් වුන කෙල්ල කලේ ටක්ගාලා කොල්ලගේ අත් ඇදුමට උඩින් අල්ල ගත්තා වෙලාවට ඒ අතත් එතනම නතර වුණා. හුස්මක් හෙලපු කෙල්ල ඊයේ රෑ වුනේ මොනවද කියල පසුවට කල්පනා කරනවයි කියලා හිතන් මේ කොල්ලව අයින් කරන්න හැදුවත් කෙල්ල අසාර්ථක වුනේ ඒ කෙනා කෙල්ලගේ පපුව උඩ ඔලුව තියන් කෙල්ලව තවත් තදට බදා ගත්ත නිසායි.
දැන්නම් චුරු වෙලාම මැරෙයි කියන සාදාරන සැකයක් මට ඇතිවෙනවා. මං මේ කොහේ කාගේ ඇදක ඉන්නවද කියලාවත් මතකයක් නැති හැටි. සාමාන්‍යයෙන් මට එහෙම අමතක වෙන්නේ නෑනේ. උදේට කාපු දේවල් දවල් වෙනකොට අමතක වීම වෙනම කතාවක්. ඔලුවත් පැලෙන්න රිදෙනවා . මේ තඩියව ඇගෙන් අයින් කර ගන්නවත් උදව්වක් ගන්න කෙනෙක් නැති හැටියක්.
කාමරේ ඇතුලේ ඉදි කටුවක් වැටුනත් ඇහෙන තරමටම හරිම නිශ්ශබ්දයි. ඒත්
හාච්චිංං 💥💥💥
එකපාරටම මුලු කාමරේම දෙදරලා යනවගේ සද්දයක් ඇහුණා . ඒත් එක්කම කවුරුහරි යටගිරියෙන් කෑගහනවත් ඇහුනා.
බුදු අම්මෝ මෙන්න බෝම්ම ගහනෝඕඕඕඕඕඕඕ
කෙල්ලට සතුටක් දැනුන මොකද තමන් තනිවෙලා නැති නිසා. මෙතන තවත් අය ඉන්න නිසා තමන්ට උද්ව්වක් ගන්න ත් පුළුවන් නිසා.
මොක්කුද බං මේ. එතකොට මා හැර, මූ හැර වෙනත් අය මේක ඇතුලේ සිටී ද
සිටී සිටීකටහඬක් ඇහුනත් ටියාගේ ඇහැට නම් කිසිම කෙනෙක් පෙනුනේ නෑ
ඔබලා අදෘශ්‍යමාන ද මට පේන්නේ නෑනේ
කෙල්ල රූම් එක වටේම ඇස් යවලා බැලුවත් කවුරුත් නෑ කෙල්ලට පුංච් බයකුත් දැනුනා. මොකද නොදන්න තැනක නොදන්න මනුස්සයෙක් එක්ක නිදා ගෙන ඉන්නව මදිවට තව හොල්මනුත් ඒ තැන ඉන්නවා වගේ ෆීලින් එකකුත් දැනෙන නිසා.ඒත් ඒ බය සැක නැති කර ගන්නත් ගියේ පොඩි වෙලාවයි
![](https://img.wattpad.com/cover/287572780-288-k734694.jpg)
YOU ARE READING
Rejected Love
Fanfictionතමුසේ වගේ කාත් කවුරුත් නැති දුප්පත් එකියෙකුට මං කැමති වෙයි කියලා හිතුවද ..