Jungkook's p.o.v.
"ඔම්මා...ඔයා කොහෙද?"
"නංගියි මල්ලියි බේරුනාද?"
මේ තිරිසන්නු ටික මාව පැහැරගෙන යද්දි මගේ ඔළුවේ තිබ්බේ එච්චරයි...
මගේ පපුව ගිනිගන්නවා වගේ...
මේ මොකද්ද වෙන්නේ?
ඇයි මෙහෙම කරන්නේ?
මම මුකුත්ම හිතාගන්න කලින් මනුස්සයෙක් මගේ ඇස් දෙක රෙදි පටියකින් ගැට ගහලා මගේ කටේ ඩක්ට් ටේප් එකක් ඇලෙව්වා.
මේ මොකද්ද කරන්නෙ?
මනුස්සයෙක් ඒ පාර මගේ අත් දෙකයි කකුල් දෙකයිත් ගැට ගැහුවා.
දැන් මට හෙලවෙන්නවත් බෑ.... එයාලා මාව සීට් අතර බිමටයි දාගත්තේ....වාහනේ හැම ගැස්සීමක්ම මගේ කොන්දට දැනුනේ නිකන් යකඩයකින් ගහනවා වගේ.
ආව්....
"බොස් කිව්වේ කෙල්ලව ගේන්න කියලා නේ ද කායි?"
"කෙල්ලට වඩා කොල්ලා ලස්සනයි මෝඩයෝ! තමුසේ පොට්ටයි ද?" කව් රු කෙනෙක් මගේ පපුව උඩින් අත තියලා මාව ස්පර්ශ කරනවා මට දැනුනා...
මේ මොන අපායකට මම මේ ඇවිත් ඉන්නේ? දෙයියනේ...
"වොන් බිලියන දොලහක්...මේ කොල්ලා මැරිලා යයි ඒක ගෙවන්න ඇග දීලා...හහ් හඃ හා..."
"මුගේ ඇගේ හැටියට නං ලපටි කොල්ලෙක් පාටයි.."
"ට්‍රේන් කරලා ගන්න බැරියැ සංවූ.."
තව කව්රු හරි මාව ඇල්ලුවා ඒ පාර...
නැතත් වොන් බිලියන දොළහක්???
අප්පා ඇයි මම කෝල් කලාම නොකිව්වේ?
මේ මිනිස්සු මාව විකුනන්නද යන්නේ?
අනේ දෙවියනේ.... මොකද්ද මුං මට කරන්න යන්නේ?
මම මෙහෙම හිත හිත බයේ ගැහෙද්දි වෑන් එක නවත්තනවා මට දැනුනා...
කව්රු හරි කෙනෙක් මාව වෑන් එක ඇතුලෙන් එලියට ඇදලා අරන් බිමට විසි කරලා දැම්මා.
YOU ARE READING
His Belonging ‖ Taekook ‖ completed ‖
Fanfiction⚠️includes mature 21+ content read on your own accord⚠️ "ජන්කූක්..මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව? ඔහු ද අපරාධකාරයා?" "ඩිටෙක්ටිව් මින් යූන්ගි...මම හිතන්නේ කතා කරන එකක් නෑ..අපි කෙලින්ම කිම් ටේහ්යුන්ව හිරේට දාමු." "ජන්කුක්...?" ජන්කුක් නිශ්ශබ්දව අහක බලන්...