මේ අහන්න ළමායී... මට මේ කතාව තව චැප්ට එකකින් ඉවර කරන්න වෙනවා...තරහ වෙන්න එපා ප්ලීස්...
මම පාඩම් කරන්න මේ මාසේ පොඩි නිවාඩුවක් ගන්නවා... ongoing ඒවා ඉවර නොකරන එක හරි නෑනේ... ඒ නිසා මේකවත් ඉවර කරන්න වෙනවා මට... සොරි හොදේ...කතා දෙකක් එක පාර දාන්න අමාරුයි මට... මම exam ඉවර උනාම දිග එකක් දෙන්නම් හුදේ....
Ly😘❤️
........................................................................................
Seoul Police Hospital
"නම මොකද්ද පුතාගේ?"
"ජියෝන්..ජන්කුක්..."
"වයස?"
"24යි."
"පුතේ...කියන්නකෝ පුතේ පුතාව පැහැර ගත්තේ කව් ද කියලා? මේ පින්තූරේ ඉන්න එක්කෙනාද?"
Jungkook ඉස්සරහ හිටපු පොලිස් කාන්තාව ටේහ්යුන්ගේ පින්තූරයක් පෙන්නලාජන්කුක්ගෙන් ඇහුවම එයා නිශ්ශබ්දව හිටියා.
"අනේ පුතේ...කියන්නකෝ..."
" මේ බලන්නකෝ...එයා ඔයාට කොච්චර රිද්දල ද කියලා... මේ තියෙන්නේ ඔයාගේ වම් ඉල ඇටේ... ඒක බිදෙන්නම ඔයාට රිද්දලනේ මැණික..."
"නැතත් බලන්නකෝ පුතාගේ ඉගටියෙයි අතේ පයෙයි තියෙන තැලීම් සීරිම්.... ඒ වගේ කෙනෙක්ට නිදහස දෙන්න හොද නෑ නේද පුතේ? එයාට දඩුවමක් දෙන්න ඕනි නැද්ද ඔයාට?"
"මේ අහන්න පුතා...ඔයා එයාට බයයි ද? එයාට ඔයාට රිද්දන්න බෑ ආයෙමත් මැණික...කියන්නකෝ මට..."
ජන්කුක් කතා නොකරම හිටපු නිසා තරමක් කේන්ති ගියපු පොලිස් කාන්තාව මිස්ට පාක්ට ඇතුලට එන ලෙසට සංඥා කලා.
ඇතුළට ආපු මිස්ට පාක් ජන්කුක් ඉස්සරහ ලොකූ පොත් තුනක් දිග ඇරියා.
"අපි ඔයාට කරදර කරන්නේ නෑ පුතේ. ඒත් ඔයා විතරයි ටේහ්යුන්ගේ අපරාධවලට ඇසින් දුටු සාක්ෂිකාරයෙකුට ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න පුතා. එයාගේ තාත්තයි අයියයි දෙන්නම අපිට සාක්ෂි දුන්නා එයාට දරුණු මානසික රෝගයක් තියෙනවා කියලා...ඒත් දෙන්නම දැන් අතඩංගුවේ ඉන්නේ ඔයාගේ අම්මගේ මරණයයි තවත් වැරදි ගොඩකට අතටම අහුවෙලා..."
YOU ARE READING
His Belonging ‖ Taekook ‖ completed ‖
Fiksi Penggemar⚠️includes mature 21+ content read on your own accord⚠️ "ජන්කූක්..මේ ඔබට ලැබෙන අවසාන අවස්ථාව? ඔහු ද අපරාධකාරයා?" "ඩිටෙක්ටිව් මින් යූන්ගි...මම හිතන්නේ කතා කරන එකක් නෑ..අපි කෙලින්ම කිම් ටේහ්යුන්ව හිරේට දාමු." "ජන්කුක්...?" ජන්කුක් නිශ්ශබ්දව අහක බලන්...