Ⓜ️2Ⓜ️17+ - pt 1

2K 375 79
                                    


මගේ හදවත ගැහෙන ශබ්දය මගේ කං තුළ දෝංකාර දුන්නා... 

'මාස්ට'?' 

මේ මොකද මේ?

 මේක අර ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ ෆිල්ම් එක වගේ දෙයක් ද? මෙයා මොකද්ද මට කරන්න හදන්නේ? 

"මාස්ට?" මම භයෙන් වෙව්ලන කටහඩකින් ඇහුවේ එයාගෙන් ඈත් වෙන්න හදන ගමන්. 

එයාගේ බැල්මේ තිබුනේ හරිම අනුකම්පා සහගත බවක්... එයා හරිම සතුටින් මාව අතහැරියා. 

"අපි වෙන සෙල්ලමක් කරමු ද එහෙනං?" එයා හරිම දගකාර හිනාවක් සමගින් ඇහුවා... 

ම්ම්ම්....ගියපු චූන් එකේ හැටියට නම් එච්චර හොද සෙල්ලමක් වෙන්න බෑ...

මොක උනත් මං බෑ කියන්නයැ.... 

 "හහ් හඃ හා..." එයා මගේ කම්මුලක් මිරිකන ගමන් හයියෙන් හිනා උනා. 

 "භය උනාද බේබි ඩෝල්? බය වෙන්න එපා ඔච්චර...." එයා හරිම අහින්සක විදිහට හිනා වෙන ගමන් එයාගේ දබරැගිල්ලෙන් මගේ දෙතොල් හරිම මුදු විදිහට ස්පර්ශ කලා... 

ආව්ව්....දැවිල්ලයි අර බූරුවා ගහපු එක.... 

ඒත්...එයාගේ ඇගිලි හරිම සිනිදුයි...කායිගේ වගේ රළු නෑ පොඩ්ඩක්වත්....

මගේ ඇස් දෙක නිකන්ම පිය වුනා... මොකක්? මට පිස්සු හැදීගෙන එනවද?

 මම ඇස් ඇරලා බලද්දි එයා නිශ්ශබ්දව මාව අධ්‍යනය කරමින් හිටියේ... 

"මම කිම් ටේහ්‍යුන්ග්...ඔයා?" 

කිම්.....ටේහ්‍යුන්ග්? මේ අර මිස්ට කිම්ගේ පුතාද?

 මෙයා මීට අවුරුද්දකට දෙකකට කලින් දොඹ ඇටයක් විතර ඇතිනේ.....එයා කොච්චර වෙනස් වෙලාද කියනවනම් මට එයාව අදුරගන්නත් බැරි උනා. 

අපි දෙන්නා ඇති තරම් හම්බ වෙලා ඇති ඉස්සර අප්පලගේ පාටීස් වලට ගියාම...

 ඒත් කවදාවත් අපි වචනයක් වත් කතා කරලා නෑ... මදැයි කලා.... 

මම සද්ද නොකර හිටියම එයා මගේ කට මිරික ගත්තා. එත්..ගොඩාක්ම රිදෙන විදිහට නෙමෙයි.... 

"මම ජන්කුක්...ජියෝන් ජන්කුක්...." මම හරිම අපහසුවෙන් ඒ වචන ටික කටින් පිට කර ගත්තා. 

His Belonging ‖ Taekook ‖ completed ‖Where stories live. Discover now