කාලය ගෙවුණා..සත් දිනක්ම නිවීහැනහිල්ලෙ ගෙවුණා..ඒත් මං උන්නෙ හිතේ සාංකාවෙන්..මෙවර රජ්ජරුවන් වහන්සෙ දින සතක්ම මගේ කුටියට නොපැමිණීම ගැන මම විස්සෝප වුණා..වෙනදාටත් රජ්ජුරුවන් වහන්සේ මෙසේ නොපැමිණෙන දවස් තිබුණත් මේ ගෙවුන දින සතම මහා වේදනාවක් මගේ හිතට ගෙන දුන්නා..
මම මෙහේ තනියම දුක් වෙද්දි මාලිගාවේ හරි හරියට රාජකීය මංගල්ලයට කටයුතු සූජානම් වෙන්ට පටන් ගත්තා..උදෑසනින් කඩිගුලක් වගේ ඇවිස්සිලා මාලිගයේ මල් කරුවෝ මල් ගොතාගෙන මල් මාලා පන් පෙට්ටිවල පුරවගෙන මාලිගාව ඇතුළට යන හැටිය මං බලන් උන්නා..අලුත් තිර රෙදි අරන් එන සන්නාලියො..අලුත් ආභරණ හදන් එන රන්කරුවෝ..මහා දිනුමක් ලබලා වගේ හැසිරෙන නිළමෙවරු මගෙ හිතට මහා බරක් ගෙනාවා..
හෙට..ඔව් හෙට..මහ රජ්ජුරුවො අලුත් බිසවක් ගේනවා..මම උන්නාන්සෙගේ ජීවිතෙන් ඈත් වෙන එක යහපත්..ඈ මං වගේ පහත් කුල ඇත්තියක් නොවෙයිනෙ..
"උඹ දන්නවැයි..මහ බිසවත් එක්ක තව කුමාරිකාවො විස්සක් දෙනා රජුගෙ අන්තඃපුරයට තෑගි ලැබෙනවය කියන්නෙ.."මගෙ කුටිය ඉස්සරහා ඉඳන් දාසියෝ මුකුළු හඬින් මුමුණන්න ගත්තා..
"කට..කට.."රත්නා උන්ට සැර දැම්මෙ මට ඇහෙයි කියලා වෙන්ටැ..
ඇහුණත් නෑහුණත්..නැති අයිතියක් වෙනුවෙන් මං මේ වගේ දුක් වෙන අරුමයයි මට හිතාගන්න බැරි..
මං පා සලඹ පැලඳගත්තා..රජ්ජුරුවන්ගෙ වීණා නාදයත් නැතුව මං තනිවම නටන්ට ගත්තා..මංම සංගීතය සපයගත්තා කකුල් හෙල්ලෙද්දි නද දෙන පා සලඹින්..සලඹ හඬට මං නටන්ට ගත්තා..තාලෙට පැද්දෙන් මගෙ ඉණ ඔහේ නැලවෙන්ට ගත්තා..
මං හිතේ දුක පිට කරගන්න හැදුුවෙ නැටුමෙන්..වේදනා දෙන කකුල් ගැන හිතුවෙ නෑ..මොකද මං හිත ඊටත් වඩා රිදෙන්ට ගත්තා..
ඇඟේ තිබ්බ හුරුවට මං සෑහෙන වෙලාවක් නැටුවා..
අවසානයේ..හති වැඩිකමට මං බිම ඉඳගත්තා..
"බිසෝ..ඔබතුමීට පැඟිරි ගෙඩියක් මිරිකලා දෙන්ටද?"රත්නා කුටියට එබිලා ඇහුවා..හැබෑටම මගේ උගුරකට වේලිලා තිබ්බෙ..නැටුම නිසාම..
![](https://img.wattpad.com/cover/288321587-288-k885433.jpg)
أنت تقرأ
රාජිණී | Historical | Completed
أدب تاريخي"ඔබ වහන්සේලාට අමතකද..??මම කන්ද උඩරට මහරජ්ජුරුවන් වහන්සේගේ පතිනිය වග..??ඔබ වහන්සේලා මේ මරා දමන්ට යන්නෙ උන්නාන්සේගේ පළමු මෙහෙසිය.."