4 කොටස

267 93 27
                                    


මාලිගා අංගනයෙන් මඟුල් බෙර වාදනය පටන් ගත්තා..හේවිසි හඬයි..බෙර සද්දෙයි ඇහෙද්දි දාසියෝ සේරෝම මගේ කුටියෙන් එළියට දිව්වා..රත්නා මං ගාව කැරකි කැරකි උන්නෙ ඒකි යම්දෝ නොයම්දෝ කියලා හිත හිත වගේ..

"උඹත් පලයන්.."මං කිව්වෙ කවුළුව ගාවට ගොහින් හිටගෙන..

"මං ගියාට කම් නැද්ද බිසෝ?"ඒකි ඇහැවුවා..

"මට මොකෑ..පලයන්.."මගෙ කටහඬ හිස් වෙලා තියෙන වගක් මටම දැනුනා..රත්නා ගියාට පස්සෙ මම එළිය බැලුවා..

කවුළුවෙන් යන්තමට මඟුල් පෙරහැර පේනවා..මහ බිසෝගෙ දෝලාවෙ එළලා තිබුණ රත්තරං පාට රෙදි කෑලි නැත්නම් උන්නාන්සෙවත් බලාගන්ට තිබුණා..අග බිසෝගෙ දෝලාව පසුපසින් උප බිසෝවරු පේළියට වඩිනවා..

හප්පේ..බලන්ට එපැයි ඒ උජාරුව..වෛවර්ණ සළුපිලි ඇඳන්..නානාප්‍රකාර අබරණ පැළඳගෙන..උන්නාන්සෙලා අතර වැඩියෙන්ම තිබුණෙ භාරතීය ආරේ ආභරණ..

උප බිසෝවරු මෙහෙම නම් අගබිසෝ කොහොම වෙන්ට ඇතිද...?? 

මං රජ්ජුරුවන්නාන්සෙව නම් දැකගත්තා..උන්නාන්සෙගෙ පෙලපතින් ආ ආඩම්බර පාටයි..මූණෙ තිබිච්චි මැලවුණ පාටයි මං හොඳින්ම දුටුවා..දෙයියනේ..ඇයි උන්නාන්සෙ මංගල්ලෙ දවසෙත් එආකාරව හිඳින්නෙ..?

ඊයෙ රාත්තිරියෙ සිද්ද වෙච්චි දේ ගැන උන්නාන්නෙ දුකින්ද තරහින්ද දන්නෙ නෑ..?

කොයි වෙලාවක්ද මන්දා..රාජ මාලිගාවේ මධ්‍ය කොටසින් මංගල්ලෙ සිරිය ඇහෙන්ට..දැනෙන්ට පටන් ගත්තා..

"අග බිසෝ හරි හැඩකාරිලු.."රත්නා ඔය ඉන්න ගමන් දෙඩෙව්වා..

මටත් වඩා..??

මට එහෙම අහන්ට හිතුණත් අමාරුවෙන් මැඩගෙන උන්නා..

රත්නා හිත හොඳ එකී..ඒත් ඒකිගෙ කියවිල්ල වක්කඩින් වතුර බහිනවා වගේ..කාටහරි දෙඩෙව්වොත්..මා ගැන උන් වැරදි අදහසක් ගනීවී..

"භාරත පුරයේ ලස්සනත් ඇති නෙව.."මං කිව්වෙ හිතේ දුක තෙරපගෙන..

"රජ්ජුරුවො නම් වාසනාවන්තයි බිසෝ..හැම රැයකම රූබර කතුන්....."ඒකි කියන්න ගිය එක ගිලගත්ත වග මට දැනුනා..කියූ දෙයක් ඇතුන් ලවා අදින්නද..?

රාජිණී | Historical | CompletedOnde histórias criam vida. Descubra agora