6 කොටස

258 93 28
                                    


මෙතරම් ඉක්මනට කාලය ගත වෙනවාද කියලා හිතාගන්ට බැරි තරමටම ඉක්මනින් කාලය ගෙවුණා..හරියට දුන්නෙන් පහරපු ඊහිසක් වාගේ..

ගෙවුණ තෙමස ඇතුළත රජ්ජුරුවො වෙනදා ලෙසම නිතරම මා බලන්ට ආවා..රන්දෝලියත් ආවා..රන්දෝලිය මට මගෙ හොඳම මිතුරිය බවට පත් වෙයි කියලා මං හීනෙන්වත් හිතුවෙ නෑ..ඒත් එතුමියත් මා එක්ක වැඩි කාලයක් ගත කරන්න කැමැත්තෙන් උන්නා..

දැන් ටිකෙන් ටික මහ රජ්ජුරුවො රන්දෝලියට කිට්ටු වෙන බව මට කීවේ රන්දෝලියමයි..මට එය සතුටක් වුණා..ඒ එතුමාගේ පතිනිය..ඉදින් රජ්ජුරුවො මටත් වඩා ඇයට සමීප වීම යහපත්..

"අපේ භාරතීය නාටිකාංගනාවන් ඔබ ඉදිරියේ පරාදයි දේවි.."මහ බිසෝ කීවෙ මං නටන දිහාව බලාගෙන..මමත් හති හලමින් ඇවිත් එතුමිය ගාවින් වාඩි වුණා..

"එය නම් වෙන්ට බෑ රැජිණියනේ..පොත්පත් වලත් ලියැවී තියෙන්නෙ..භාරතයේ ළඳුන් දඹ රත්තරනින් හදාපු පිළිම වාගෙයි කියලා.."මං හිනාවුණා..

"නැහැ දේවි..මං කියන්නෙ හැබෑව..භාරතීය කතුන් පුදුම වේවි නුඹව දුටුවොත්.."රන්දෝලිය හිනා සල සල උන්නා..

"මහ රජ්ජුරුවෝ මට පවසා තිබෙනවා..ඔබ කවි කීමෙහි උපන් හපනියක් බව.."

"එය මුසාවක් මහ බිසවුනි..මම එතරම් දක්ෂ කවිකාරියක් නොවෙයි..මහ රජ්ජුරුවන්ගෙ වර්ණනාව මහත්.."

දාසියන් ගෙනැවිත් දුන්නු පලතුරු යුෂ ‌බඳුන් අතේ තියාගෙන මමත් රන්දෝලියත් අහස දිහා බලන් උන්නා..

"ඔබතුමී සිහල බසට මෙතරම් රුචි ඇයිද බිසවුනි..?"මං ඇහුව්වා..

"කවුරුන් කෙසේ කීවත්..සිහල බස තමයි මේ ලෝකෙ ලස්සනම භාෂාව දේවි..අපේ පියතුමාගෙ රාජ්‍යයට විවිධාකාර රටවල් වලින් දූතයො පැමිණෙනවා..රාජසභාවේදී..සමහර දිනෙක උන් පරිවර්තකයන්ට කතා කරන විදිහ මං අහන් ඉඳලා තියෙනවා..ඒ අතරිනුත්..සිංහල භාෂාව තරමට සුන්දරව හසුරවන..එතරම් අලංකාර බසක් මං මින් පෙරදී දැක නෑ.."රන්දෝලි කිව්වා..

රන්දෝලිය සිරි ලංකාද්වීපය ගැන කතා බහ කොරන්නෙ ආසාවෙන්..සම්ප්‍රදාය ගැනත්..හෙල කලාවන් ගැනත් එතුමිය බොහෝ අගය කරනවා..විදේශීය කාන්තාවක් ලංකාව ගැන මේ ආකාරයෙන් කතා කරද්දි..සිංහල..ලාංකික තරුණියක් ලෙසට මට විසාල ආඩම්බරයක් දැනුනා..

රාජිණී | Historical | CompletedOù les histoires vivent. Découvrez maintenant