අවසාන කොටස

278 99 61
                                    


"රන්දෝලි මාලිගාව වටේට උණ රෝගයක් පැතිරිලා ‌බිසෝ...ඒක වෙනටැ රන්දෝලිය තවම ඔබතුමී බලන්ට ‌නාවේ.."රත්නා කිව්වෙ මගෙ හිසේ ගොඩපර ගෙඩි තලාපු ඉස්ම උලන ගමන්..

මං උන්නෙ නාන තටාකෙ..දැන් වෙනදටත් වඩා වැඩි වෙලාවක් දාසියො මාව පිරිසිඳු කරනවා..

කලින්ට වඩා ඉදිරියට නෙරලා ඇවිත් තිබ්බ කුස උඩින් මං අතක් තියාන උන්නා..මම විස්සෝප වුණා..

ටික දොහක් ගොහිනුත් රන්දෝලිය බැහැදක්නට බැරිවුණා නෙව..

"රන්දෝලියටත් උණ රෝගය වැළඳිලාද..?"මං ඇහැව්වා..

"එහෙමයි..රන්දෝලියටයි..රන්දෝලි මාලිගාවෙ සේවිකාවන්ටයි සේරෝටම.."

මම බර හුසුමක් ගත්තා..

රන්දෝලියට කොහොම දැනෙනවා ඇතිද කියන්ට මං දන්නෙ නෑ..ඈ මේ කන්ද උඩරට අග මෙහෙසිය..අග මෙහෙසිය ඉඳිද්දිත් වෙන යකඩ දෝලියක් ගැබ් ගැනීම..උන්නාන්සෙට වේදනාවක් වන්ට ඇති..

මහ රජ්ජුරුවො ඇගෙත් සැමියා..

ඒත් මහ රජ්ජුරුවො නීත්‍යානුකූල ඇයට වඩා අනියම් මට ආලය කිරීම ගැන ඇයට ඊරිසියාවක් නොමැත්තේද..??

"මට රන්දෝලිය ගැන දුක හිතෙනවා.."මම රත්නාට කීවා..

"රන්දෝලිය ගැන දුක් වෙන්ට එපා බිසෝ..ඔබතුමීගෙ හිත හොඳකමටයි ඔය රන්දෝලිය ගැන තැවෙන්නෙ..එනමුත් දුක් වෙන්ට කාරි නෑ..රටේ කිරුළ අයිති වෙන්නෙ රජ බිසවකගෙ කුසින් උපන්න පුත්තරයෙක්ට පමණයි.."රත්නා කියද්දි මගෙ හිතට පොඩි සැහැල්ලුවක් දැනුනා..

එනමුත්..රාජකීය අන්තඃපුරයේ කිසිම බිසවක් තවම ගැබ් ගෙන නැහැනෙ..

තවමත් රජ්ජුරුවන්ගෙ ලේවල උරුමය රැඳිලා තියෙන්නෙ මගෙ කුසේ හිඳින පැටියට විතරයිනෙ..

දාසියෝ මාව තටාකයෙන් එළියට අරන් තෙත කොණ්ඩය සීරුවෙන් පිස දැම්මා..බාගෙකට වේලිච්ච කොණ්ඩෙට උන් සුවඳ දූමය අල්ලද්දි අත්නා මයෙ සළුපිලි රැගෙන ආවා..

"අනේ අබරණ එපා රත්නා..අපහසුයි.."මං කිව්වා..රත්නා හිනාවුණා..

"මහ රජ්ජුරුවො අපිට කිව්වා ඔබතුමීට ආභරණ පොරවන්ට එපාය කියලා..දරුවටත් අපහසුයි කියලා.."රත්නා කියද්දි මම හිනාවෙන්ම බිම බලාගත්තා..

රාජිණී | Historical | CompletedHikayelerin yaşadığı yer. Şimdi keşfedin