දේවි..
ඇය මියගොස් තිබුණා..
ඇගේ කුසේ සිට පෝෂණය ලබමින් හුන් දරුවාගෙ මරණත් සමඟ ලද වේදනාව මතම දේවි මියගොසින් තිබුණා..
ඇගේ හදවත පුරවා දැමූ ඒ පුරුෂයාගෙ උණුහුම මතදීම..ඇය තම අවසන් හුස්ම හෙළුවා..
රෑ අහස පුරවාගෙන තරු කැට නැග තිබූ වෙලාවේදි..ඒ සුන්දර අහස යටදී තම ආදරයේ ප්රාණය නිරුද්ධ මල සිරුර වැළඳගෙන රජෙකු හෝ මනුෂ්යයෙකු හඬ වැටෙමින් උන්නා..
මොහොතින් මොහොත..හෝරා කීපයක් ගෙවී ගියා..
කන්ද උඩරට රජුන්ගෙ දෑසින් වැටුණ කඳුළු දේවිගෙ සඳවන් වත මතින් ගලා හැලෙද්දි..ඒ කඳුළු අස්සෙන් සඳ එළිය ඇදි අවුත් දිලිසෙන්ට වුණා..
එකම ඉරියව්වෙන් ප්රාණයෙන් තොර වූ මනුෂ්ය ශරීරයක් වැළඳගෙන රජුන් නිසොල්මනේ උන්නා..
දේවි ඇගේ ආලය තනිකර දමා ගොසින් තිබුණේ ඔහුගේ ජීවන සුසුමත් සමඟයි..
ආරංචි ලද සැනින් රන්දෝලිය වෙවුලුම් කන දෙපා සමඟ දේවිගෙ කුටිය අසලට දිව එද්දිත්..මහ රජුන් දේවිගෙ නිසල සිරුර වැළඳගත් වනම සිටියා..තමනට සහෝදරියක් බඳුව හුන් ඒ අහිංසක කාන්තාවගේ දෙකඩ වූ කුසින් යුතු වූ ශරීර දුටු හැටියේම රන්දෝලිය සිහිසුන්ව එතැනම ඇද වැටුණා..
තම සොඳුරු සිනාවෙන් හැමා පාසාම මිතුරු වූ දේවිගේ වියෝව නිසා..මාලිගා අංගනයේ සේවිකාවන් පවා හඬමින් හිටියා..
එවිට මහ රජුන්..
දුටු මුල් දින පටන්ම ඈ කෙරේ ආලයෙන් බැඳුණ ඔහු..
ඇයව දෑස මත්තේ තබාගෙන රැකගත් ඔහු..
පණ දෙවැනි කොට ඈ කෙරේ නිමල ආලය පුද කළ ඔහු..
දේවිගේ සන්සුන් මුහුණ මෘදුව තම ඇඟිලි වලින් අතගාමින් ඈ දෙස බලා සිටියා..
හෝරා ගණනක් ගතව ගිය පසු..මදක් ඉදිමුණ දේවිගෙ ශරීරය තම දෑතින් ඔසවා ගත් මහ රජුන් ඇගේ කුටිය වෙතට නිහඬව ගමන් කරන්නට වුණා..
සෙමින් ඇගේ කුටියට ඇතුළු වූ ඔහු..කුටිය පුරා පැතිරී තිබූ පිච්ච මල් සුවඳත් සමඟ ඔහුගේ අතීතාවර්ජනයක සැරිසරන්ට වූවා..
මල් පෙත්තක් තැලෙනවාට බියෙන් මෙන් ඔහු දේවිගේ නිසල සිරුර ඇගේ කුටියේ වූ සයනය මතින් තැබුවා..
දේවිගේ රුධිරය තැවරුණ සළුපිලි තම දෑතින්ම ඉවත් කළා එතුමා ඇගේ ශරීරයට නව සළුපිලි අන්දවා අගනා ආභරණ පවා පැළඳුවා..
ඒ ආභරණ අතර තිබූ සුවිශේෂීම ආභරණ වූයේ..
මහ රජුන් ඇය බිරිඳ කරගන්න බවට සාක්ෂ දීමෙන් පැළඳවූ රන් මුදුවත්..පෙර දිනකදී ඇගේ අතට දැමූ පේරැස් මුදුවත්..එමෙන්ම..ඔවුන් දෙදෙනා එක් අයෙක් වීමට තුඩු දුන් හේතුව වූ දේවිගෙ පා සළඹ යුගලත්ය..
මහ රජුන් රත්නාගෙ මල සිරුර පිටතට ඇද දමා දේවිගෙ කුටිය පිළිවෙල කළා..තනිවම..
අවසානයේ..ඔහු දේවිගේ සයනය පසෙකින් අසුන් ගත්තා..
ඔහු තවත් මොහොතක් බලා සිටියා..ඈ දෙස..
තම පෙම්බරිය දෙස..තම බිරිඳ දෙස..මහත් ආලයෙන් පිරුණ දෑස්වලින් යුතුව ඔහු බලා සිටියා..
පසුව ඔහු ඔහුගේ දෙතොල් දේවිගෙ සිසිල් තොල් මතත්..කොපුල් මතත්..නළලත මතත් රැඳවූවා..
මහ රජුන් කුටියෙන් පිටතට පැමිණියා..
දේවිගේ කුටිය ඉදිරිපිට දල්වා තිබූ පන්දමක් අතට ගෙන ඔහු හැඟීම් විරහිත ලෙස දේවිගෙ කුටිය දෙස බලා සිටියා..
මහ රජුන් කෙටි සුසුම් හෙලමින් දේවිගේ කුටියේ තිර රෙදි මතින් පන්දම තැබූ විට වහ වහා ගිනි දැල්වෙන්ට පටන් ගත්තා..ඒ ආභාෂය ලබමින් ඇගේ කුටිය පුරාම ගිනිදැල් නැගෙන්ට වුණා..
බුර බුරා නැගෙන ගිනි දැල් දෙස බලා හුන් රජ්ජුරුවන් කුටිය ඉදිරියේම දණින් වැටුණා..ඔහුගේ දෑසේ රැඳි ඡායාව රතු පාටින් හැඩ කළ ගිනි දැල්ම වූවා..
ඔහුගේ හද තුළ ගිනි දැල්වෙමින් තිබුණා..මරණය පමණක්ම අවසානය තීරණය කරන නොනිමෙන ගිනිදැල්ලක්..
දේවිගේ ශරීරය කුටිය තුළ දැවෙමින් තිබෙද්දි..
ඇගේ ආලය දිනූ සොඳුරු මනුෂ්යාගේ ජීවිතය..
විරහවේ ගිනිදැල් මතින් දැවෙන්ට පටන්ගෙන තිබුණා..
----------අවසානයි----------
ŞİMDİ OKUDUĞUN
රාජිණී | Historical | Completed
Tarihi Kurgu"ඔබ වහන්සේලාට අමතකද..??මම කන්ද උඩරට මහරජ්ජුරුවන් වහන්සේගේ පතිනිය වග..??ඔබ වහන්සේලා මේ මරා දමන්ට යන්නෙ උන්නාන්සේගේ පළමු මෙහෙසිය.."