"දරුවෙක් පිළිසිඳගෙන බිසෝ.."වෙදදුරුතුමා කියනවා මට ඇහුණෙ හීනෙකින් වාගේ...
දරුවෙක්..දෙයි හාමුදුරුවනේ...
මගෙ කුස ඇතුළෙ පුංචි පණක් ගැහෙනවාද..??
මහ රජ්ජුරුවන්ගෙ ලෙයින් හැදුණ ප්‍රාණියෙක්..
"කළු බණ්ඩාර දේවතාවුන්ගේ පිහිටයි..."රත්නා දොහොත් මුදුන් දීගෙන කිව්වා..
මට..මට මොනවා හිතෙනවද කියලා මටවත් තේරෙන්නෙ නෑ..මට විලාප තියලා කෑ ගහන්ට තරම් සතුටුයි..ඒත් ඇඟට දැනුන අඩපණ ගතිය මට නැගිටගන්නවත් ඉඩක් සැලසුවෙ නෑ..
මං හීන් සීරුවෙ මගෙ කුස උඩින් අතක් තිබ්බා..
"දෙයි හාන්දුරුවනේ බිසෝ..පැටියට තුරුණුවන්ගෙ සරණයි.."රත්නා මයෙ හිස අතගෑවා..
ඇස් වලින් වැගිරෙන සතුටු කඳුළු එක්ක මම වටේ උන්නු උන් දිහා බැලුවා..
රාජකීය ලෙයත්..පහත් කුලයක ලෙයත් මුහු වෙච්චි දරු පැටියෙක්..
ඒ වුණාට මට මයෙ දරුවගෙ කුල මල ගැන හිතන්ට වුවමනා වුණේ නෑ..මේ මගේ දරුවා..රජ්ජුරුවො එපා කීවත් මට මයෙ දරුවව වටිනවා..
******
ඉන් පස්සෙ දවසම ඇඟට දැනෙන ක්ලාන්ත ගතියත් එක්ක මං සයනයට වෙලාම උන්නා..ඇඟ වසාගෙන තිබ්බ අබරණ සේරෝම ගලෝ දාලා උන්නෙ සැහැල්ලුවක් වෙන්ට..
රත්නායි දාසියො දෙන්නයි නානාවිධ කෑම්බීම් හදාලා දුන්නා..අලුත් හාලෙ බත් එක්ක මොනර මස්..මයියොක්කා තම්බලා..හීනියට අඹරපු කොච්චි මිරිස් සම්බෝල..කතුරුමුරුංගා හොද්ද..සුවඳ දෙන කරවල බැදුම..වම්බටු ව්‍යාජනය..
මෙකී නොකී සේරොම කෑම් බීම් ටික..
"මට මෙච්චර විසාල ගොඩක් බුදින්ට බෑ රත්නා.."මම කට ඇඹුල් කොරගෙන පැත්තකට වුණා..
"දැන් ඉතින් ඔබ තුමී වෙනුවෙන් නෙමෙයි බිසෝ..දරු පැටියා වෙනුවෙන් බුදින්ට.."රත්නා එහෙම කියාලා දෙතුන් දෙනෙකුට ගිලින්ට පුළුවන් තරමෙ කෑම මයෙ පළඟනාවට බෙදුවා..
කෑවයින් නොකෑවයින් රත්නා මං කාලා ඉවර වෙනකම් ළඟින් හෙලවුණේවත් නෑ..
VOCÊ ESTÁ LENDO
රාජිණී | Historical | Completed
Ficção Histórica"ඔබ වහන්සේලාට අමතකද..??මම කන්ද උඩරට මහරජ්ජුරුවන් වහන්සේගේ පතිනිය වග..??ඔබ වහන්සේලා මේ මරා දමන්ට යන්නෙ උන්නාන්සේගේ පළමු මෙහෙසිය.."