ඇත්තටම එලිය හරිම නිදහස් වගේ මට දැනුනා..මගේ ඇස් වලට ඉර එලිය අහුවෙද්දී මට ටිකක් විතර අමාරු වුනේ මම කාලෙකින් එලියට ආපු නිසා වෙන්න ඇති..
හොස්පිටල් එකේ එහෙ මෙහෙ යන අය දිහා මම උවමනාවෙන් බලන් හිටියා..හැමෝම හිටියේ තමන්ගේ ලෝකවල ..තවත් කෙනෙක් වෙනුවෙන් ඒ කිසිම කෙනෙක්ට වෙන් කරන්න තරම් වෙලාවක් ඇති කියල මට හිතුනේ නෑ..
මගේ හම උවමනාවටත් වඩා සුදුපාට නිසා මට දැනුනෙ මාව ඉර එලියට දිලිසෙනව වගේ..ඒකෙන් නිකම් මට විශේශ අවදානයක් ලැබෙනව වගේ..අහ්හ්හ්..මම එහෙම විශේශ අවදානයක් ගන්න කැමති මනුස්සයෙක් නෙමේ..
මම හිතන්නෙ දැන් මම පැය දෙකක් තිස්සෙ හිටියේ මගේම ලෝකෙක....මම මොනව කරනවද මන්ද ..අඩුම තරමේ හෝසෙක් වත් මට මතක් වුනේ නැහැනෙ..මමනම් වෙලාවකට ආත්මාර්තකාමී..
එක අතකින් හෝසෙක් ඉන්නව කියල මම දන්නවනේ..එලියට ආපු වෙලාවෙ ඉදලම මගේ අතේ එල්ලිලානෙ ඉන්නෙ..
ඔහ්හ්..එයාගෙ අත් හරිම සිනිදුය්..මල් පෙති වගේ.. ඔව් ඒව රෝසපාටය්ත්නෙ..
ඇත්තටම හෝසෙක් හරිම ලස්සනය් නේද..මට ඒක කලින් කල්පනා වුනේම නැහැනෙ..කොහොමද මම ඒක අමතක කරේ..
"හචීඊඊඊඊඊඊඊස්.. සොරි.."
හෝසෙක් මල් වල සුවද බලනව නෙමේ ඒව නහයෙ අලවගන්නව මම හිතන්නෙ..හොද වැඩේ..
"මොක්ද හියුන්ග් හිනාවෙන්නෙ ආආආආහ්.."
"ඔය මල නහය ඇතුලටම දාගන්න ..එහෙම හොදය්නෙ.."
මම හුගක් හයියෙන් හිනාවෙන ගමන් කිව්වෙ...ඒත් ඊලග වතාවෙ හෝසෙක් මගේ කනෙන් ඇද්ද හයියෙන්..ආආඅව් නහයත්.. පුදුම ලමා මානසිකත්වයක් මේකනම්..
ඉතින් අපි හුගාක් හවස් වෙනකම් කතාකර කර හිටියා..අඩුම දවල් කෑමට යන්නවත් අපිට උවමනාවක් තිබුනේ නෑ..
දෙවියනේ දවසක්..මුලු දවසක් අපි කියෙව්ව..මම මීට කලින් ජීවිතේට මෙච්චර කතා කරල නැතුව ඇති..
අන්තිමට මම ආඅපහු අර කාමරේ ඇතුලට ආව..වෙනදා වගේ ඒ කාමරේ ඇතුලේ එපා වුනු ගතියක් මට දැනුනෙ නෑ.. මම මට ලැබුනු,තියන දේවල් වලට ආදරේ කරනව..
යුන්ගි ඔයා හොදයිනෙ
මම නාන කාමරේ කන්නඩිය දිහා බලන් මටම කියාගත්තා..
මම නිදන ඇදුමක් ඇදගෙන ගිහින් ඇදේ දිගාවුනා.. අද විශේශ දවසක්..
අද මම හිනාවෙලා හිටියා වගේම හුගක් කතා කරා..
අද ලැබුනු දේවල් ගොඩය්..
විශේශම දේ වුනේ හෝසෙක් අන්තිමට මගේ කම්මුලෙන් තියපු කෙටි හාදුව..
ඔහ්හ්හ්.. මම අද නිදාගනීවි කියලනම් හිතන්න අමාරුය්..