☆ • .☆ • .☆ - 13

381 106 3
                                    

මම ටිකෙන් ටික මං අතින් මග ඇරුණු මියුසික් වැඩ ආයේ පටන් ගත්තා.. කාලයත් එක්ක ටිකෙන් ටික මම සාමාන්‍ය පරිසරයට හුරු වුණා වගේම සතුටින් දවස් ගෙව්වා..

රෙකෝඩ් ප්‍රොඩියුසර් කෙනෙක් වගේම සෝන්ග් රයිටර් කෙනෙක් විඳියට මම දැන් වැඩ කරන් යනවා..

හෝසෙක් ගැන කියනවනම් එයා හැමදාම හොස්පිට්ල් යනව.. ගෙදර එනව.. කතාබහ කරනවා.. ඔය වගේ සාමාන්‍ය දේවල් තමයි.. ලබන සතියේ අපේ මැරේජ් එක නිසා අපි දෙන්නාටම ඕන වුණා වැඩ වලින් ඈත් වෙලා අපි දෙන්න එක්ක කාලෙ ගතකරන්න.. මම හිතන්නේ පහුගිය මාස කීපයට අපි දෙන්න නිදහසෙන් ඉන්නෙම නැතුව ඇති..

සාමාන්‍ය ජීවිතේ අපි දෙන්නම හුරු වුණාට පස්සෙ ඒකාකාරී විඳියට ජීවිතේ ගලාගෙන ගියා.. මට කියන්න තේරෙන්නෙ නෑ මම කොච්චර සතුටු වෙනවද කියල මම ගැනම.. ඇත්තටම හෝසෙක් එක්ක ගෙවන ජීවිතේ තරම් මට මොකුත්ම උවමනා නෑ..

අන්තිමට මාව කෙනෙක්ගෙන් ජිවිතේ වැදගත් කෙනෙක් වුණා.. මම හැමදාම ඒහෙම වෙන්න කියල බලාපොරොත්තු වුණා.
දැන් ඒක එහෙම වෙලා තියනව..

මීට වඩා මට කිසිම දෙයක් වුවමනා නැහැ.. මේ ජිවිතේ හරියට අවදි වෙන්න අකැමැති හීනයක් වගේ..







PAST CAN'T CHANGE MY LIFE! | COMPLETEDWhere stories live. Discover now