ඇත්තටම මම බොහොම සමාන්‍ය මනුස්සයෙක්..
සාමන්‍ය මනුස්සයෙක්ට දැනෙන විදියෙ දුක,සතුට,තනිකම,පාලුව,වේදනාව මටත් හුගක් හොදින් දැනුනා..
ඒ වගේම සමහර වෙලාවට මමත් අනිත් මිනිස්සු වගේ ඇඩුවා වෙන්නත් පුලුවන්,
එහෙමත් නැත්නම් පාලුව වේදනාව මකාගන්න බිව්වා වෙන්නත් පුලුවන්...
කවුරුහරි මගෙන් ඇහුවොත් මම මොනවද ජීවිතේ ගැන දන්නෙ කියලා,
සමහරවිට, එතකොට මම කියය් මම හුගක් දේවල් දන්නව කියලා..
එතකොට මම හුගක් දේවල් දන්නව වෙන්න පුලුවන් නේද?..
ඒත් ආයෙම කෙනෙක් ඇහුවොත් මගේ වයස කීයද කියලා,
මම කියය් මට අවුරුදු විසි හතරක් කියලා..,
" ඔය වයසට මොනවද ජීවිතේ ගැන දන්නෙ..?"