හෝසෙක් මේ දවස්වල ටිකක් මලානිකයි..මට බය හිතුනා කවමදාවත් නැති විදියට හෝසෙක් වේදනාවෙන් ඉන්නව පෙනුනම..හරියට කෑමක් නෑ,බීමක් නෑ,ඉක්මනින් කේන්ති යනව.. එයා වෙනස්වෙලාද..මාව එපාවෙලාද...
"කමෝන් බබා ඕපන් ද ඩෝ..."
විනාඩි පහලොවක් තිස්සෙ හෝසෙක් බාතෲම් එකේ ඉන්නෙ..මට බය හිතුන ඇතුලෙන් සද්දයක්වත් නැති වුනාම.. ටික වෙලාවකින් බාතෲම් එකෙ දොර ඇරුනා..දෙවියනේ මගේ රෝසමල කොච්චර වෙනස් වෙලාද..නිදිමරන නිසා හොදටම වෙනස් වෙලා..ඇදිලා ගිහිල්ලා..ඒත් ඇස් නම් අමුතුවට දිලිසෙනව..හිනාවකුත් තියනවා..මොකද මේ..
"බබා මොකද දොරත් ලොක් කරන් මෙච්චරවෙලා කරේ.."
මම ඇහුවේ කලබලෙන්..මොකක්ද එයා අත් දෙකත් පිටිපස්සට කරන් හන්ගන් ඉන්නෙ..
"හියුන්ග්.."
හෝසෙක් අඩනවා..මට හිතාගන්න බැරි එයා අඩන්නෙ දුකටද නැත්නම් සතුටටද කියල..හෝසෙක්ට සතුටු හිතුනහම අඩනව වැඩිය් ටිකක් විතර..
"බබා මොකද මේ..ඇයි අඩන්නෙ.."
මම හෝසෙක්ව මගෙ පපුවට තුරුලු කරගත්තා..
"හියුන්ග් ඔයා............. ඔයා අප්ප කෙනෙක් වෙන්න යන්නෙ.."
"හරි බබා..ඉස්සෙල්ල අඩන එක නවත්තන්නකො.. අහ්... පොඩ්ඩක් ඉන්න...හෝසෙක්.."
මට ඇහුන දේ හරිද කියලම මට විශ්වාසයක් තිබුනෙ නැති නිසා මම හෝසෙක්ව උරහිස් වලින් අල්ලලා මගේ ඉස්සරහට කරගත්තා..
"බබා..ඔයා මො-මොකක්ද දැන් කිව්වෙ.."
හෝසෙක් හිනාවෙලාම මගේ අතින් තිබ්බෙ ප්‍රෙග්නසි ටෙස්ට් එකක්..
ඒක..ඒක පොසිටිව්..ජීසස්..මම අප්පා කෙනෙක් වෙන්නද යන්නෙ..
"හියුන්ග් ඔයා අප්ප කෙනෙක් වෙන්න යන්නෙ.. සතුටු නැද්ද.."
හෝසෙක් මගෙන් ඇහුවෙ බයෙන්..එයා බයවෙන්න ඇති මම අකමැති වේවි කියල..ඒත් මමනෙ දන්නෙ මම පුදුම වෙලා ඉන්න තරම්.. මම කොහොමද හැසිරෙන්න ඔන කියලත් මට අමතකවුනා..මට දැනුනා මගේ ඇස් කදුලු කැට වලින් පිරෙනව..
"හේ..හේ...හියුන්ග් අඩන්න එපා..කෝ මගේ දිහා බලන්නකො.."
හෝසෙක් දැනගන්න ඇති මම හැසිරුනු විදිය වෙනස් නිසා මම උවමනාවටත් වඩා පුදුම වෙලා කියලා..මම හුගක් තදින් හෝසෙක් ව බදාගත්තා..හරියට මට වටිනම දෙයක් වගේ..මගේ පපුව වෙනදට වඩා බර ගතියක් මට දැනුනා..
"තෑන්ක්ස් හෝසෙක්,මට කියාගන්න තේරෙන්නෙ නෑ මට කොච්චර සතුටුද කියල..ලව් යූ සෝ මච්''
ඒ වෙලාවෙ යන්තම් කටට ආපු වචන ටික මම කියල දැම්ම..
"ලව් යූ ටූ හියුන්ග්.. ඔයා මගේ හැමදේම.."
හෝසෙක් මගේ කොන්ඩෙ අතරින් ඇගිලිතුඩු ගෙනියනගමන් කතාකරේ මාව සන්සුන් කරන්න..
:
:
:
එදායින් පස්සෙ මම ජීවත් වුනේ හීන ලෝකෙක..ඊතලයක් වේගෙන් කාලය ගෙවීගෙන ගියා..මම හිතන්නෙ අපි දැන්මම වගකීම් වලින් පිරිලා..
ඒත් හෝසෙක් නිතර ඉන්නෙ අපහසුවෙන්..මම දන්නව එයා හුගක් අමාරුවෙන් ඉන්න බව..මට ඒ වේදනාව ගන්න ඇත්නම් කියල වෙලාවකට හිතෙනව..
"හියුන්ග් අත ගන්නකො අනෙහ්හ්හ්.. ඔයා කොයිවෙලාවෙත් මගේ බඩ අල්ලගත්ත ගමන්මය් ඉන්නෙ..එයා පරිස්සමට ඉන්නව.."
හෝසෙක් කෑම හදන අතරේ මම පුරුද්දට ගිහින් එයාව බදාගත්තා..හෝසෙක් ලග සුවදය් හුගක්..
"කවුද දන්නෙ එයාට එයාගෙ පපා මිස් වෙනවද කියල.."
"ඔව් ඔව් එහෙනම් දිගටම ඔහොමම ඉන්නකො.. ඔයාටනම් අනේ මන්ද හියුන්ග්.. නිදාගන්න ටිකවත් ඔය අත අයින් වෙන්නෙ නැහැනෙ.."
හෝසෙක් කිව්වෙ මහ හයියෙන් හිනාවෙන ගමන්..ඒත් එකපාරටම එයාගෙ හිනාව නැවතුනා..
"හියුන්ග්.."
හෝසෙක් අතේ තිබුනු පෑන් එක පැත්තකින් තියල මගේ දිහා හැරුනෙ ඇස් දෙකත් ලොකු කරන්..
"හියුන්ග් එයා.. මට එයා දැනෙනව.."
හෝසෙක්ගෙ බඩ ලාවට ගැස්සෙනව මටත් එවෙලාවෙ දැනුන..හෝසෙක්ගෙ ඇස් වල කදුලු පිරිල..
හරිනෙ..මගේ ශර්ට් එක ඉවරයි..