නෑ නෑ මගේ වයසින් මම දන්න දේවල් මනින්න උත්සාහ කරන්න එපා..
ඇත්තටම ජීවිතේ අවුරුදු විසිහතරක් කියන්නෙ ලොකු කාලයක් තමය්..
එහෙම කොහොමද මනුස්සයෙක් වයසින් මනින්න තරම් මෝඩ වෙන්නෙ..
සමහරවිට මට වඩා බාල පුන්චි ලමයෙක් මට වඩා හුගක් දේවල් දන්නව වෙන්න පුලුවන්..
ඒත් මම ලබාපු සමහර අත්දැකීම් මට වඩා පරිනත කෙනෙක්ට නැතිවෙන්න පුලුවන්..
මම හරිනෙ..?
"මම දන්නව මට මානසික රෝගයක් නැහැය් කියලා..,එතකොට ඇය් මිනිස්සු මාව මානසික රෝහලක හිර කරල තියන්නෙ.."
මට පිස්සු නෑ කියල පෙන්නන්න ම හුගක් හොදින් හැසිරුනත් සමහර වෙලාවට මම ඕනවට වඩා කලබල වෙනවා..
ඒකට කියන්නෙ පිස්සු කියලද..?
මම කොච්චර කලබල වෙනවද කියනවනම් සමහරවිට මගේ අතින් මනුස්සයෙක් මැරෙන්න වුනත් පුලුවන්
මම මන් ගැනම පසුතැවෙනව ඒකටනම්..
මට උවමනා නෑ මන් අතින් කාවවත් රිද්දන්න..
අඩුම තරමෙ මට උවමනාය් කෙනෙක්ගෙ මූනට හිනාවක් ගේන්න..එහෙමත් නැත්නම් මම හුගක් හුගක් ආසය් කෙනෙක්ගෙ ජීවිතේ මට හුගාක් ලොකු වටිනාකමක් දෙනවනම්..මොනාවුනත් මම ඒකටනම් හුගාක් ආසවෙන් හීන දකිනව..