Chapter 06 🍒

862 253 26
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

පහලට යනකොට කට්ටිය සෝෆා එකට වෙලා ඉදගෙන ඉදියේ දුකින් වගේ. ඒත් හැමෝගෙම ඇස් වල දුක වගේම කේන්තියකුත් තිබුනා.

" මොකද මේ ? මොකක්ද ප්‍රශ්නේ ? "

🐼 ප්‍රශ්නේ...? ප්‍රශ්නේ තමුන්

" මෝහ් ? "

🐼 පැක් එක ටිකෙන් ටික විනාස වෙනවා. ඒත් තමුන් මෙහෙට වෙලා නිදහසේ ඔහේ ඉන්නවා.

" ජින් කියන දෙයක් පැහැදිලිව කියනවා. "

🐼 අරස්සෝ දැනගන්නනේ ඕනි ? තමුසේ නිසා බ්ලැක් වුල්ෆ් පැක් එක ටිකෙන් ටික විනාස වෙනවා.

" ජින්. අමතක කරන්න එපා මම කවුද කියලා. සද්දේ අඩුකරගන්නවා. "

🐼 ඔහේ කවුද කියලා ? අරස්සෝ මට කියනවා තමුසේ අපේ කවුද ? තමුසේ කවුද ? අපේ ඇල්ෆද ? අපේ යාලුවද ? හැම වෙලාවකම අපිව තනි කරපු තමුසේ කවුද අපේ ?

ජින් අහන දේට ඇත්තටම මම නිරුත්තර උනා.මගේ ලඟ එයාට දෙන්න උත්තරයක් තිබුනේ නෑ. මාව සම්පූර්ණයෙන්ම ගොලු උනා.

" අරස්සෝ අරස්සෝ මට කියන්න මොකද උනේ කියලා "

🐼 තමුසේ නිසා....

🐨 ජින්...මම කියන්නම්. ඔයා ඉන්නේ හොදින් නෙමෙයි... කූල් ඩව්න් වෙන්න.මම හොබීට හැමදේම කියන්නම්.

ජින්ව නවත්තලා නම්ජුන් බූසාන්වලදී වුන හැමදේම විස්තර කරන්න පටන් ගත්තා.

🐨 හොබී... ශීබා ආයෙම වැඩ පටන් අරන්.

" මොකක් ? ශීබා ? "

🐨 දේ...ඌ මුලින්ම පප්ස්ලට ඇටෑක් කලා. දැන් ඔමෙගලාට ඇටෑක් කරලා.

" ඔමෙගලාට ? ඒත්..? ඒත් ඇයි ? "

🐥 බ්ලැක් වුල්ෆ් පැක් එක නැති කරන්නයි මිනිහට ඕනි.

" ආ....ශ් ශිට්...ශීබා කාලකන්නියා.මම ඌව මරලා දානවා "

🐼 බොරුවට කෑ ගහන්න එපා හොබී..තමුන් කිසි දෙයක් කරන්නෑ. තමුසේ මේක අස්සට වෙලා කකා බිබී ඉන්නකොට පැක් එකේ අහිංසකයෝ නිකරුනේ මැරිලා යනවා.

ජින් කියන දේවල් වලට කේන්ති ආවත් මට තේරුනා එයා මේ දේවල් කියන්නේ මට මොකක්ම හරි දෙයක් තේරුම් කරවන්න කියලා..ඒ නිසා මම පුලුවන් තරම් ඇල්ෆව කන්ට්‍රෝල් කරගත්තා.

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now