Chapter 11 🍒

785 244 46
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

🌹මොනවද මට මේ වෙන්නේ ? ම...මම කොහොමද මේ දේවල් විස්වාස කරන්නේ ?

" පුර හඳ දවස එනකම් ඉන්න. එදාට ඔයාටම දැනගන්න පුලුවන්. එතකම් ඉවසන්න ඩේජි.මම කියන නිසා මාව ඔයාගේ ආදරේ කියලා පිලිගත්තු නිසා මාව විස්වාස කරන්න.ප්ලීස් "

🌹අරස්සෝ....

" ආ.....ශ් කුමාවො..මම පොරොන්දු වෙනවා ඔයාට කිසිම දෙයක් වෙන්නෑ කියලා. අහන්න අපේ ගැන්ග් එකම පහල ඉන්නවා. අපි පහලට යමු. එයාලත් එක්ක ඉන්නකොට ඔයාට බය නැතිවෙයි "

🌹 එ....එයාලා ඔක්කොම වුල්ෆ්ලද ?

" හ්ම්ම්ම්...ඒත් ඒ හැමෝම ගොඩක් හොද අය. ඔයා කතා කරල බලන්නකො.ඔයාටම තේරෙයි "

🌹 අරස්සෝ කජා

කෙල්ල එහෙම කීවත් හිතේ බය අඩු උනේ නෑ. වුල්ෆ් කීව ගමන් කෙල්ලගේ හිතට ආවේ දත් විලිස්සගෙන ඉන්න නපුරු වුල්ෆ්ලගේ රූප. ඒ නිසා ඩේජිගේ බය එන්න එන්නම වැඩි වුනේ පහල වුල්ෆ්ලා රැලක්ම ඉන්න නිසා. ඒත් මේ දේවල් ගැන හැමදේම දැනගන්න ඕනි නිසා ඩේජි අකමැත්තෙන් වුනත් හොබී එක්ක පහලට ගියා.

පහලට යනකොටම මම කට්ටියට ඇහැක් ගහලා ඉඟි කලේ ඩේජි ටිකක් ශේප් කියන්න.

" එන්න ඩේජි.මේ ඉන්නේ මගේ ගැන්ග් එක "

🌹 ඔ...ඔයාල හැමෝම වුල්ෆ්ලද ?

" දේ.... මේ ජින් , නම්ජුන් , සුගා , ජිමින් , ටේයුන් , කුකී මේ තමයි මගේ ගැන්ග් එක. මම තමයි මෙයාලගේ හෙඩ් ඇල්ෆා "

🌹 මොහ්..? ඔ...ඔයාද එතකොට මෙයාලගේ නායකයා ?

" ම්ම්ම්ම්ම්.... දේ...."

🌹 හ්ම්ම්...මම හිතන්නේ මම දැන් උඩට ගියොත් හොදයි.

🐼 මම හිතන්නේ ඩේජි අපිට බයයි.

🌹 අනී අනී. මම බය නෑ. ඒත් ඔයාලට තේරෙනවනේ. මේක මට තාම විස්වාස කරන්න බෑ.

ඩේජි එහෙම කියලා යන්න හැරුනත් එකපාරටම ටේයුන් වෘක ස්වරූපෙට හැරුනේ ඩේජිව බය කරන ගමන්.

" ටේයුන් මොකක්ද කරන්නේ ? පස්සට යනවා "

මම කෑ ගැහුවත් ටේයුන් හෙමින් හෙමින් ඉස්සරහට ඇවිත් බිම දිගා වෙවී පෙරලෙන්න ගත්තේ හරියට පප් කෙනෙක් වගේ.

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now