🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋
රූම් එකේ දොර මහා සද්දෙන් වහලා දාලා මම වොශෲම් එකට රිංග ගත්තේ අඬන්නද හිනා වෙන්නද කියලා කිසි දෙයක් හිතාගන්න බැරුව. මට ඕනි උනා අප්පට උදව් කරන්න.අප්පගේ කකුලක් නෑ කියලා ඇහුනම මගේ පපුව රිදෙන්න ගත්තා. ඒත් ඒ හැම වෙලාවකම මට මතක් උනේ ඔම්මා මගේ අත් දෙක උඩ අන්තිම හුස්ම හෙලපු විදිහ.
පැයක් විතර මම ශවර් එක යටට වෙලා කිසිම හැඟීමක් නැතුව ඔහේ බලාගෙන ඉදියා. ශවර් එකෙන් වැටෙන වතුට බින්දු මගේ ඇඟ දිගේ රූටලා ගිහින් බිමට වැටුනේ ඇඟම හිරි වට්ටන ගමන්.
🐥 හොබී...? තාම නානවද ?
ඔහේ බලාගත් අත බලාගෙන ඉදපු මම පියවි සිහියට ආවේ වොශෲම් එකේ දොරට ගගහා කෑ ගහන ජිමින්ගේ කටහඬට.
" පොඩ්ඩක් ඉන්නවා.මම එන්නම් "
🐥 දිය වෙන්න කලින් එලියට එනවා. ශවර් එක යට ඉදියා කියලා හීට් එක අඩු වෙන්නෑ.
" යා....හ් ජිමින් මැරුන් නොකා කට වහගෙන ඉන්නවා "
🐥 ඔහේට ඉතින් සද්දේ දාන්න පුලුවන් අපිට තමයි.
ජිමින් නොකියා කියන්නේ ඩේජි ගැන කියලා දන්න නිසාම මම ජිමින්ට උත්තර නොදී බාත් රොබ් එකත් දාගෙන එලියට ආවා.
" මොකද ? "
🐥 මනුස්සයෙක් මේට් කරගන්න ඔහේට පිස්සුද ?
" මොකක් ? " මනුස්සයෙක් ? "
🐼 දන්නෑ වගේ කියවන්න එපා හොබී. මොනවද මේ ගොසිප් සයිට්ස් වල තියෙන්නේ ?
" ආ...හ් ඒකද මේ ? ඒ ගැන කලබල වෙන්න එපා.හෙට වෙනකොට ඕක අයින් වෙයි "
🐨 මුලු රටම දැක්කට පස්සේ අයින් වෙලා මොකටද ? අනික ඩේජි ඒ තරම් ෆේමස් කෙනෙක්ද ?
" මම දන්නෑ එයා ෆේමස්ද නැත්ද කියලා. "
🐱 හොබී...මොකක්ද මේ වෙන්නෙ ? අපිට ඇත්ත කියනවා.
තවත් හංගගෙන ඉදලා වැඩක් නැති නිසා මම වුන හැමදේම එයාලට කියන්න හිතුවා. ක්ලබ් එකේ ඉදන් මේ වෙනකම් වුන හැමදේම කිව්වට පස්සේ හැමෝම මගේ දිහා ඇස් ලොකු කරන් බලාගෙන ඉදියා ඇරෙන්න මුකුත් කිව්වෙ නෑ. ඒත් එකපාරටම හැමෝම මහා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.
YOU ARE READING
🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️
Fanfiction🚫 මේකා මහ දඩබ්බර ඇල්ෆා කෙනෙක්. හැමදේම අතෑරලා මිනිස්සු අතරේ හැංගිලා ඉන්න ඇල්ෆට එයා හොයන ජීවිතේ සැනසීම ලැබෙයිද ? මේක අහඹුවක්ද ? අමතක නොවෙන සුවඳ පස්සේ යන ප්‍රේමවන්තයෙක්.💋 කලු සුදු මැද දෝලනය වෙන මාෆියා රැජිනක්. අහඹු හමුවීම් සංසාරගත බැඳීම් වෙන්න පුලුව...