Chapter 10 🍒

809 245 36
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

🌹 හොබී....මොකද උනේ ?

" මා....මාව අතාරින්න "

🌹 හොබී...? එකපාරටම මොකද උනේ ?

ඩේජි මගේ ඉරහිසින් අත තියලා ඇහුවේ පුදුමෙන් වගේ.

" ඔ...ඔයා කොහොමද මට මේක හැංගුවේ ? "

🌹 මෝහ්...?

" ඔ....ඇයි මට එහෙම කලේ ? ඔයා මේ හැමදේම කලේ දැනගෙනද ? "

🌹 මොනව ගැනද හොබී ඔයා අහන්නේ ?

" මේ සලකුන ගැන "

මම ඩේජිගේ පපුව පෙන්නලා කියනකොට ඩේජි කිසිම වෙනසක් නැතුව යන්තම් හිනාවෙලා මගෙ දිහා බැලුවේ ඒක වහගන්න ගමන්.

🌹 ඕ....හ් ඒකද ? ඒක මම ඉපදෙනකොටම ලැබුන එකක් හොබී.ඒත් ඔම්මා මට ඒක කාටවත් පෙන්නන්න දුන්නෙ නෑ.

" මොහ්...? ඒ කියන්නේ ඔයා මේ ගැන දන්නේ නැත්ද ? "

🌹 ම්ම්ම්ම්ම්ම්..... විශේශ දෙයක්නම් දන්නෑ. ඒත් මම පුංචි කාලෙ ඉදන්ම මේක කවර් වෙන්නයි ඇන්දේ.

" ඒකද එතකොට ඔයා හයිනෙක් ඩ්‍රෙස් අඳින්නේ ? "

🌹 ආ....හ් හරි...එහෙම තමා.

බැලූ බැල්මට ඩේජිට ඒ සලකුන ගැන කිසිම අවබෝධයක් තිබුනේ නෑ.

" ඒ කියන්නේ ඔයා දන්නේ නැත්ද මේක මොකක්ද කියලා ? "

🌹 අනී.....ඔම්මා කීව විදිහට ඒක හරි දුර්ලභ සලකුනක් කිව්වා. ඒ නිසා එයා කිව්වා මට මේක කාටවත් පෙන්නන්න එපා කියලා. එයා මට පොරොන්දු උනා මට අවුරුදු 18ක් වුනහම ඒ ගැන කියනවා කියලා. ඒත් ඔම්මා ඊට කලින් මාව දාලා ගියා.

" ඩේජි "

🌹 හොබී ?

" අහ්...අනී අනී... ඔයා එහෙනම් පහලට එන්න. මම කෑම රෙඩි කලා. දැන් නිමිලත් ඇති "

🌹 පොඩ්ඩක් ඉන්න හොබී.ඔයා මේක ගැන මොකක් හරි දන්නවද ? මට කියන්න ඒක මොකක්ද ?

" අහ්...අනී....මම ඒ ගැන දන්නෑ. ඉක්මනට චේන්ජ් කරන් පහලට එනවා. ඔහොම ඉදලා උණ හැදෙයි "

මම තවත් වෙලා ඉන්නැතුව ඉක්මනින් පහලට ගියේ ජූන්ට කෝල් එකක් ගන්න ගමන්.

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now