Chapter 05 🍒

889 240 43
                                    

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋

මීහා කියන්නේ ඩේජිගේ යටතේ ඉන්න කෙනෙක්. මීහව NIS එක ඇතුලට යැව්වෙත් ඩේජිමයි.ඒ ඩේජිට විරුද්ධව වෙන හැම දෙයක් ගැනම එයාට දැනගන්න ඕනි නිසා. හරියටම කියනවනම් ඩේජිගේ ගෝලයෝ ඒ හැම තැනකම ඉදියා.

කීප සැරයක් රින්ග් වෙනකොට මීහා කෝල් එක ආන්ස්වර් කලා.

👧 මැඩම් මම විලීට පනිවිඩේ දුන්නා.මට කතා කරන්න බෑ මෙතන

🌹 මීහා ඔයාව අහුවෙන විදිහට හැසිරෙන්න එපා. ඩෝම් එක ක්ලියර්...ඒකෙ කිසිම දෙයක් නෑ

👧 ඕමෝ.....දැනුයි මට සැහැල්ලුවක් දැනුනේ.

🌹 ඒ ගැන බය වෙන්න එපා මීහා. ඔයා ගැන බලන්නයි මම ගත්තේ.

👧 අරස්සෝ මැඩම්.අපි පිටත් වෙන්න හදන්නෙ.

🌹 OK.මමත් ඩෝම් එකට යන ගමන්.

ඩේජි කෝල් එක කට් කරගෙනම පහල තිබුන එයාගේ වාහනේට නැග්ගේ විලී එක්කමයි. ඩේජි කියන්නේ තමන් යටතේ ඉන්න අය ගැන ගොඩක් හිතන කෙනෙක්. ඕනිම ප්‍රශ්නෙකදි ඩේජි අනිත් හැමදේටම කලින් බැලුවේ තමන්ගේ යටතෙ ඉන්න අය ගැන.ඒකට හේතුව කාත් කවුරුත් නැති ඩේජිට තමන්ගේ කියන්න හරි ලඟින් ඉදියේ ඒ සේවකයො ටික විතරක් නිසා.

-------------  Hobi's View --------------

හැමෝම තමන්ගේ වැඩ වලට යන නිසා මට ගෙදර ඉදන් කරන්න වැඩක් තිබුනෙත් නෑ. ඒ නිසා මම එලියට යන්න හිතාගෙන පහලට ආවා.එනකොට සාලෙ ඉදියේ ටේයුන් කුකී දෙන්නා විතරයි.

" කෝ අනිත් අය ? "

🐯 එයාලා ලෑස්ති වෙනවා යන්න

" ඔහ්...ඔහේලා දෙන්නා මොකක් කරනවද ? හරියට වැඩ ටික කරනවා හරිද ? අමතක කරන්න එපා මම කම්පැනි එකේ නැතත් CEO ගෙ පුතා මම කියලා.අයිස් ගහලා මට අහුවෙන්න එපා "

🐰 මේ බලන්නකො මෙයා

" වේ...? වේ...? "

🐯 අරස්සෝ අරස්සෝ හොබී කොහේ හරි යන්නද හදන්නේ ?

" දේ...මම පොඩ්ඩක් එලියට යනවා."

🐯 කෙල්ල හම්බෙන්න නේද ?

" කෙල්ල ? "

🐯 අර උදේ ආවේ ?

" අනී...එයාගේ හැල්මොනීව හම්බෙන්න යන්නේ "

එහෙම කියාගෙන තවත් ප්‍රශ්න අහන්න කලින් මම එලියට ඇවිත් බයික් එක අරගෙන ගෙදරින් පිටත් උනා. වෙනදා වගේම කිසිම අරමුණක් නැතුව මම ඔහේ පාර දිගේ ආවා. මට පුරුද්දක් තිබුනා.මට හිතෙන තරම් දුර ඇති කියලා හිතෙන තරම් දුරකට මම තනියම බයික් එකේ යනවා.ඒ යන අතරතුරේ කවුරුම හරි උදව්වක් ඕනි කෙනෙක් ඉදියොත් මම එයාට උදව් කරනවා. කාත් කවුරුත් නැතුව ගෙවුන පාලු ජීවිතේ ඒක මට සහනයක් උනා.

🚫 𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐊𝐢𝐬𝐬 💋 || JHOPE Sinhala || ☑️Where stories live. Discover now