• Part 7

1.2K 274 65
                                    

Taehyung POV -:

ජිමින් , ජෙනී දෙන්නා dancing practice වගේකට ගිහින් හිටපු නිසා පන්තියෙ ඉන්න කම්මැලි කමට මං පිට්ටනිය පැත්තට ඇවිදගෙන ගියා.

එතකොටම මගෙ ඇහුණෙ කවුරුහරි මගෙ නම කියලා කෑ ගහනවා. ඔව් ඒ එයා.. මෙච්චර කාලයක් මට අහන්න ඕනෙ වෙලා තිබ්බ කටහඩ..

මං ඔලුව උස්සලා බැලුවම එයා එයාගෙ බනී දත් දෙකත් එලියට දා ගෙන මට අත වනනවා. ඒක දැක්කම මගෙ මූණෙ ලොකු හිනාවක් ඇදුනෙ ඇයි කියලා මං දන්නෑ.

මං කිසි දෙයක් හිතා ගන්නත් කලින් එක පාරටම මට ලැබුණෙ ඇට කටු කුඩු වෙලා යන්න තරම් හග් එකක්. එක පාරටම උන දේ නිසා මාව වැටෙන්න ගියත් මට සමබරතාවය තියා ගන්න පුලුවන් උනා. මං ඇස් ඇරලා බලද්දි ජන්කුක් කෝලා කෙනෙක් වගේ මගෙ ඇගේ ඇලිලා.

මටත් නොදැනිම මගෙ අත් එයාගෙ ඉණ වටේ පැටලිලා. හිනාව නං මගෙ මූණෙන් අයින් උනේම නෑ. එයාව කාලෙකට පස්සෙ දැක්කම මට දැණුනෙ අමුතුම සතුටක්.

Author POV -:

🐰 -: I miss you ටේ.. මට ඔයාව ගොඩාරියක් මතක් උනා

ජන්කුක් ටේව තව තවත් තදින් බදා ගන්න ගමන් කිව්වා. ඒත් එක්කම ටේ හරි සිහියට ආවෙ කට්ටියගෙ කසු කුසුව ඇහිලා.

වට පිට බලද්දි ටේ දැක්කෙ college එකේ ලමයි එතන වට වෙලා ටේකුක් දෙන්නව පෙන්න පෙන්න එකිනෙකාට රහස් කියනවා. ඒ නිසා ටේ උගුර පාදලා ජන්කුක්ට කතා කලා.

🐯 -: මගෙ ඇගෙන් බහින්න පුලුවන්ද ??

ඒත් එක්කම ජන්කුක් ටේගෙ ඇගෙන් බැස්සෙ එයාට රවාගෙන තොල් දෙකත් උල් කරන්.

🐰 -: යා.. හරි නරකයි හුම්.. සති තුනකට පස්සෙ මං ආවෙත් 😒

ජන්කුක් බොරුවට කේන්ති අර ගත්තම ටේට හිනා යන්න ආවත් එයා ඒක පාලනය කරන් හිටියෙ බොහොම අමාරුවෙන්.

🐯 -: ඒක නෙවෙයි ඇයි uni ආවෙ නැත්තෙ ??

🐰 -: It's top secret.. You know ?? So don't talk to other people 🤫

A/N -: මතකද ඔයාලට ඒක 😁

ජන්කුක් කටට ඇගිල්ලකුත් තියන් කිව්වම ටේ ඇස් දෙක කරකවලා අහක බලා ගත්තා.

Love is Blind [✔✔]Where stories live. Discover now