🐯 -: නෑඈඈඈඈ 😰😭
ටේ එයාගෙ ඇස් දෙක එක පාරට ඇරගෙන ඇදේ වාඩි උනේ හති දාන ගමන්. ටේගෙ මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා.
ඒක ඒ තරම් නපුරු හීනයක්. ඒක හීනයක් උනත් ටේට නම් දැනුනෙ ඒක ඇත්තක් වගේ.
🐯 -: දෙවියනේ හොද වෙලාවට ඒක හීනයක් උනේ
ටේ night stand එකේ තිබුණු වතුර වීදුරුව එක උගුරට බොන ගමන් එයාගෙ වැරදි නිවැරදි කර ගන්න අවස්ථාවක් දුන්න එක ගැන දෙවියන්ට ස්තූති කලා. ටේ කීයටවත් මේ අවස්ථාව නම් අතාරින එකක් නෑ.
Next Day -: At University
🐯 -: Please ජිමිනාහ් 🙁
🐥 -: මං දැන් කී සැරයක් කිව්වද ආ ?? කියන්නෙ නෑ කියව්වොත් කියන්නෙ නෑ
ටේ දැන් පැය බාගෙක විතර ඉදන් ජිමින්ගෙ පස්සෙන් යන්නෙ ජන්කුක්ගෙ address එක ඉල්ල ගන්න.
ඒත් ජිමින් තාමත් හිටියෙ ටේ ජන්කුක්ට කරපු දේ ගැන ගොඩක් තරහින්. ඒ නිසා ටේ කී පාරක් ඇහුවත් ජිමින්ගෙ උත්තරේ උනේ " බෑ " තමයි.
ඒත් ටේ වැඩේ අතාරින්න ලෑස්ති උනේ නෑ. ඊයෙ දැකපු හීනෙන් පස්සෙ ටේ හිතා ගත්තා හැමදේම හරිගස්සන්න.
🐯 -: Please ජිමිනාහ් මට එයාගෙ address එක කියන්නකො. අඩුම තරමෙ phone number එකවත් දෙන්නකො. මට එයා එක්ක ගොඩක් වැදගත් දෙයක් කතා කරන්න ඕනෙ. පොඩ්ඩක් තේරුම් ගන්න බලන්නකො
ටේ කොච්චර කතා කලත් ජිමින් කලේ එයාව ගනන් නොගෙන පොතට ඔලුව ඔබාගෙන හිටපු එක.
🐯 -: හරි කමක් නෑ. මමම හොයා ගන්නං 🙃
.
.
.
.
.ටේට කරන්න කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා. ජිමින් ඇරෙන්න ජන්කුක්ට වෙන යාලුවො නෑ කියලා ටේ දැනගෙන හිටියා. එහෙම කියලා ටේට මුකුත් නොකර බලන් ඉන්නත් බෑ.
ටේ ජන්කුක්ගෙ ගෙදරට යන්න පරක්කු වෙන තප්පරයක් තප්පරයක් ගානෙ එයාට හිතුනෙ ජන්කුක් එයාගෙන් ඈතට යයි කියලා.
වෙන කරන්න දෙයක් නැති කමට ටේ බය පැත්තට දාලා principle ගෙ office එකට රිංගුවා. කොහොමහරි principle ට අහු නොවී university records වලින් ජන්කුක්ගෙ විස්තර හොයා ගන්න ටේට පුලුවන් උනා.
YOU ARE READING
Love is Blind [✔✔]
Fanfic(සිංහල) " Time no matters. I always love you blindly " Top - Taehyung Bottom - Jungkook Side ships - Yoonmin Season 1 & 2 Completed ✘ Don't copy my work ✘