• Part 13

1.9K 311 92
                                    

ඒ වචන ටික ඇහෙනවත් එක්කම ජන්කුක් ගල් උනා. එයාගෙ හදවත අයෙත් පාරක් එක විනාඩියකට නැවතුනා.

🐰 -: ම්..මො..මොකක් ?? 😳

🐯 -: ඔව් කුකී.. මට දැන් තේරෙනවා මං කොච්චර මෝඩයෙක්ද කියලා. මම මගෙ හැගීම් හංගගෙන ඉදලා තියෙන්නෙ මං අවුරුදු ගානක් හදවතින් ආදරේ කරපු කෙනා ඉස්සරහ. ඒ ඔයා තමයි කුකී. I love you so much my dream boy

🐰 -: ට්..ටේ ම..මට වැරදියට නෙවෙයි නේද ඇහුණෙ ?? ඔයා මේ දැන් කිව්වෙ මට ආදරෙයි කියලා නේද 😳

තාමත් පුදුමෙන් හිටපු ජන්කුක් ඇහුවෙ එයාට ටේ කිව්වෙ ඒකමද නැත්තං එයාට ඇහුණ විදිහද කියලා හරියටම දැන ගන්න ඕනෙ නිසා.

ජන්කුක් ඇස් ලොකු කරන් කටත් ඇරන් බලන් ඉන්නවා දැකපු ටේ හිනා වෙලා ජන්කුක්ගෙ කම්මුලට හාදුවක් දුන්නා.

🐯 -: ඔයාට ඇහුණ දේ හරි කුකී. ඕන්නං මං ආයෙත් කියන්නංකො. I love you so much මගෙ බනී

ටේගෙ ඒ වචනත් එක්කම ජන්කුක්ගෙ ඇස් වලින් කදුලු කැට වැටෙන්න පටන් ගත්තා.

මෙච්චර කාලයක් ඇස් රතු කරන් වේදනාව පිට කර ගන්න අඩපු ජන්කුක්ගෙ ඇස් වලින් අද වැටෙන්නෙ සතුටු කදුලු.

🐰 -: ට්..ටේ ඔ..ඔයා මට ඇත්තටම ආ..ආදරෙයිද ?? මේක වි..විහිලුවක් නෙවෙයි නේද ?? 😢

🐯 -: නැහැ කුකී මං ඇත්තටම ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි

ටේ එහෙම කිව්වෙ ජන්කුක්ගෙ කම්මුල් දෙකේ ගලාගෙන යන කදුලු පිහ දාන ගමන්.

🐰 -: ම..මං ම්..මාත් ආදරෙයි ටේටේ.. ගොඩාරියක් ආදරෙයි 😭

සතුට වැඩි කමට ජන්කුක්ට වචනත් පැටලෙනවා. ටේත් හිනා වෙලා ජන්කුක්ගෙ අත් එයාගෙ අත් අතරට ගත්තා.

🐯 -: මේ දැන් ඉදලා මං ඔයාව මගෙන් එක තප්පරේකටවත් ඈත් කරන්නෙ නෑ. මං ඔයාට ලෝකෙ හැම සතුටක්ම ගෙනත් දෙනවා

🐰 -: මං දැනටමත් මේ ලෝකෙ සතුටින්ම ඉන්න කෙනා වෙලා ඉවරයි ටේටේ. මොකද දැන් ඔයා මාත් එක්කනෙ

ජන්කුක් එහෙම කිව්වම ටේ හිනා වෙලා ජන්කුක්ගෙ ඇස් දෙක දිහා බලන් හිටියා. ජන්කුක්ගෙ මූණෙ හැමතැනම ගිය ටේගෙ ඇස් අන්තිමට නැවතුනේ එයාගෙ රෝස තොල් දෙක ලග.

Love is Blind [✔✔]Where stories live. Discover now