• Part 9

1.7K 302 187
                                    

ටික වෙලාවකට පස්සෙ ටේ ලෑස්ති වෙලා එලියට ආවා. එතකොට එයා දැක්කෙ ජනේලෙ ගාවට වෙලා එලිය බලාගෙන ඉන්න ජන්කුක්ව. ටේ ගිහින් එයාව පිටි පස්සෙන් බදා ගත්තා. ටිකක් ගැස්සුනත් ටේ කියලා දැන ගත්තම ජන්කුක් සන්සුන් උනා.

🐯 -: මොනාද බබා කල්පනා කරන්නෙ ම්ම් ??

🐰 -: මුකුත් නෑ ඉස්සර අපි ආදරෙන් හිටපු විදිහවල් මතක් උනා

හුස්මක් පිට කරපු ටේ ජන්කුක්ව එයාගෙ පැත්තට හරවගෙන එයාගෙ මූණ අත් අතරට ගත්තා.

🐯 -: ඉස්සරහට අපි දෙන්නා එක්ක එකතු වෙලා තව ලස්සන මතක ගොඩක් එකතු කර ගමු හොදද ?? එතකොට ඔයාට පුලුවන් වයසට ගිහාම ඒවා මතක් කර කර ඉන්න 😁

ටේ ආදරෙන් කිව්වම ජන්කුක් ලාවට හිනාවක් දැම්මා.

🐯 -: මොකද භා පැටියො හිනා වෙන්නෙ මං ඇත්තටම කිව්වෙ

🐰 -: නෑ ඔයා මට ඉස්සරත් මේ වගේ සතුට දුන්නා නං කියලා හිතුනා. දැන් ඔයා මට සතුට දෙන්න ගොඩක් උත්සහ කරනවා. ඒත් බෑනෙ

🐯 -: I'm sorry කුකී. ඒත් ඇයි ඔයා කියන්නෙ මට දැන් ඔයාට සතුට දෙන්න බෑ කියලා ?? 😐

🐰 -: මොකද දැන් ඔයා office යනවා ඒකයි 🤭

🐯 -: ආයිශ් මෙයා නම්

🐰 -: හිහි එන්නකො මං ඔයාගෙ කොණ්ඩෙ හදන්නං

ඊට පස්සෙ ජන්කුක් ටේව කණ්ණාඩිය ගාවට ගෙනිහින් කොණ්ඩෙ හැදුවා.

🐰 -: ඔන්න හරි.. මගෙ handsome boyfriend 😘

🐯 -: ඔයාගෙ විතරමයි 😉

🐰 -: හරි එහෙනං දැන් යන්න. නැත්තං පරක්කු වෙනවනෙ. ආ තව එකක්.. පල්ලෙහට යද්දි ඔයාගෙ gift එක හම්බවෙයි හොදද

🐯 -: ඔයා එන්නෙ නැද්ද ??

🐰 -: මං වොශ් එකක් දා ගන්න ඕනෙනෙ

🐯 -: හරි එහෙනං මට table එකෙන් ඉන්නං ඉක්මනට එන්න හොදද

ජන්කුක් ඔලුව වැනුවම ටේ එයාගෙ තොල් වලට චූටි කිස් එකක් දීලා ගියා. ටේ ගිය ගමන්ම ජන්කුක්ගෙ කදුලු ගගක් වගේ කම්මුල් දිගේ ගලාගෙන යන්න ගත්තා. සතුට , දුක දෙකම ඒ කදුලු අතරෙ තිබ්බා.

Love is Blind [✔✔]Where stories live. Discover now