2ND COFFEE

1.6K 395 84
                                    

අයියා කිව්වා විතරයි මට කටේ තිබුන කෑම එකත් එලියට ඇවිල්ලා මොකද්ද වෙලා ඉස්පොල්ලේ ගියා...

-" සුදු දූ.....!! "

අම්මා මට රවන ගමන්ම පිටට තට්ටුවක් දැම්මා.. මම ඒ එක්ක අයියා දිහා බැලුවේ මූ මොන හිතකින්ද මේ ලපටි මාව ජොබ් එකක් කරන්න යවන්නේ කියලා... එතකොට අර ජිමින්ද හෙමින්ද කියන එකා හොරෙන් හිනා වෙනවා..

-" පේනවද අප්පච්චි.. මේකිගේ කම්මැලිකම... යවන්නමයි තියෙන්නේ..."

අයියා ඇවිලෙන ගින්නට පිදුරු දාන්න ගත්ත නිසා මම මේසේ යටින්ම ශේප් එකේ කකුල එහෙ මෙහෙ කරලා අයියට පාරක් ගැහුවා..

-" ඌහ්...!"

හැබැයි සද්දේ ආවේ නම් අයියගෙන් නෙමෙයි ජිමින්ගෙන්.. මරු හැබැයි 🙂🙂 අම්මා ජිමින්ගෙන් ඇයි කියලා අහද්දි එයා මුකුත් නෑ කියන්න වගේ ඔලුව වනලා මාව බේරුවා..

කට්ටියම කෑම මේසෙන් නැගිටලා යද්දි ඉතුරු උනේ අයියයි මායි විතරයි.. මම මිනිහට ඔරවගෙන ඉද්දි මිනිහා දිව දදා මට ඇද කලේ කබර හූනෙක් වගේ හරියට 😒😒😒

-" මොකෝ..."

-" ඇයි තමුසේ ගහන්නද..? දෙන්නේ විසිවෙන්න ඇටකිච්චි "

-" ඉන්නවකෝ.. මම අම්මට කියනවා අර හැමතිස්සෙම කතා කරන කෙල්ල ගැන.. ඉන්නවකෝ... අම්මේ මේ අයි---..................."

මට එච්චරයි කියන්න උනේ අයියා මගේ කට වැහුවා.. මාත් නිකන් හිටියේ නෑ මුගේ සොසේජස් වගෙ තියෙන බණ්ඩක්කා ඇඟිල්ලක් ' හව් ' ගාලා කෑවේ අයියා හූ තියන්න ගද්දියි..

-" අම්මේ මේකි මගෙන් කනවා දැන්......"

-" අම්මේ මේකි මගෙන් යැයි යැයි තමා.... පුහ්...... ආඅව්ව්ව්ව්ව්ව්ව්ව් අම්මේ මේ වස්සා කොන්ඩෙන් අදිනවා........!!

අනේ අතෑරපන්කෝ වස්සෝ රිදෙනවා...... අතාරිනවකෝ......"

මම කොච්චර කෑගැහුවත් අයියා නෙමේ අතෑරියේ.. ඉතින් මම අවම බලේ පාවිච්චි කරලා උඩ පැන්නා පැනිල්ලක් මගේ ඔලුව මුගේ නිකටේ වදින්න..

-" ආඅව්ව්ව්ව්ව්ව්ව්ව් ගෑනියේ... දිවත් හැපුනා... උබට මම......."

අයියා මාව අතෑරියේ කටත් අල්ලන්.. පව් මූට දිවක් දාන්න වෙයිද මන්දා... හොඳ වැඩේ ආවා මෙතන... අයියා ආයෙම මට ඔරෝලා වටපිට බැලුවේ මට ගහන්න මොකක්හරි හොයනවා වගේ.. කිව්වත් වගේ මූ දාගෙන හිටිය සෙරෙප්පුවෙන් මට දමලා ගැහුවා..

COFFEE SHOP PRINCE | PJM ✔️Where stories live. Discover now