PROLOGUE

2.6K 437 108
                                    

-" සමා......................!! "

-" ලොක්කා? "

-" ලොක්කා... ලොක්කා තමයි.. කෝ මම ඊයේ බලන්න කිව්ව බඩු ටික? සප්ලයර්ගෙන් ගත්තද? එතන විප්ක්‍රීම් පැක්ස් නෑ.. ෆ්‍රිජ් එකේ තිබුන විප්ක්‍රීම් ඉවර වෙලා මම දැන් දැක්කේ.. තමුසේ මොන ලෝකෙද ඉන්නේ ආහ්? "

ජිමින් බැනගෙන බැනගෙන යද්දි මම කටත් ඇරන් බලන් හිටියේ උන දේ තේරුම් ගන්න බැරුව.. මේකා හරියට කෑගහන්නේ මම නිසා මුගේ සේසතම හිඳිලා ගියා වගේ නේ...

-" ල්..ලොක්කා.. ම්..මේ මේ...."

-" දැන්ම ගිහින් මොන ලෝකෙන් හරි හෙවීක්‍රීම් පැකට්ස් ටිකක් අරන් එනවා.. මේ දැන්මම.."

-" දේ..... ලොක්කා මොප් එක අල්ලගන්ඩෝ..."

මම ජිමින්ගේ ඇඟට වතුර ගෑවුන මොප් එකත් ඕනේ කමින් හේත්තු කරලා ඒප්‍රන් එකත් ගලවලා පයින්ම දිව්වේ ඊ මාට් එකට.. අයියගේ බලේට ආවට මොකෝ අර ජිමිනා මාව කොයිවෙලෙත් කන්න හදනවා.. මූත් එකයි උගේ යාලුවා වෙච්චි අපේ බූරුවත් එකයි..

සමා අරක නෑ
සමා මේක නෑ
සමා ඉක්මනට එනවා
සමා මොප් කරනව..
බ්ලා බ්ලා බ්ලා........

එයා පාර්ක් ජිමින්.. මිනිහගේ හෙන ඔලුව.. දුස්ට පට පණුවා.. මොන වඳුරු පිසාචයෙක්ද මන්දා බැලුවොත් මට බනිනවා.. මම හිතලා කරනවාදැයි.. අද සෙනසුරාදා නිසා මම දවසෙම වැඩ ඉතින්..

-" අහ් මේ තියෙන්නේ..... හුටා සල්ලී.. 🙂 "

මම පැකට් තුන හතරකුත් අරගෙන කැශියර් එකට යද්දි තමා මතක් උනේ සල්ලි ගෙනාවේ නෑ නේද කියලා.. මම හෙමින් ඉස්සිලා කැශියර් එක දිහා බලද්දි මගේ වෙලාවට ටේහ්‍යොනා හිටියා.. ටේහ්‍යොන් මගේ හොඳ යාලුවෙක්..

-" ඒ.... ටේහ්‍යෝනා මේක බිල් කරලා දෙනවකෝ හලෝ... සල්ලී නෑනේ මහත්තයා.. අමතක උනා ගේන්න .."

-" අපෝ සමා... උබ නම් මාවම කන්න ඇවිල්ලා.. හැබැයි පොලිය එක්ක ඕනේ ඈ..."

-" හරි හරි දෙන්නම් මලපෙරේත යාලුවා.."

මම ඔරවද්දි ටේහ්‍යොන් එයාගේ අතෙන් සල්ලිදාලා බිල් කලා..

-" මොකෝ අදත් බොසා එලෙව්වද? "

-" ඔව් බන්.. දන්නේ නැද්ද පොඩ්ඩක් ඉතින්... ඒ මං යනෝ ඈ.. අරූ ආවේස වෙලා දැන් නටනවා ඇති.."

COFFEE SHOP PRINCE | PJM ✔️Where stories live. Discover now