LAST COFFEE

2K 450 156
                                    

A/N : සමාවෙන්න මම දවස් ගානක් අප්ඩේට් දුන්නේ නෑ... මටත් තියෙන්නේ බොහොම සීමිත වෙලාවක්.. ඒ වෙලාවෙදි මම මගෙ වැඩ සේරම කරගන්න ඕනේ.. කවුරුහරි අපහසුතාවෙට පත් උනා නම් සොරි.. ආයේ එහෙම වෙන්නෙ නෑ... Happy Reading..!








6TH COFFE

" පරිස්සමෙන් යන්න...."

මට එහෙම කියන්න ඕනේ උනා... ඒත් මම වචනයක්වත් කිව්වේ නෑ... මාව ගොලු වෙලා වගේ... මගේ ඇස් බොඳවේගෙන වගේ එද්දි මම අන්තිම දැක්කෙ ජිමින් කාර් එකේ ඉඳන් අපිට අත වනනවා විතරයි..

මගේ ඇස් වලට පිරුණු කඳුලු නිසා කියලද හිතුවේ?? අනේ නෑ අපේ අයියා මගේ දර්ශන පථය ඉස්සරහට ආවා.. ඇස් කඳුලු වලින් වැහුනා නම් මම ඒ කඳුලු පටලේ හිල් කරගෙන හරි බලනවා කියන සයිස් එකේ හිටියේ.. ඒත් අයියා ආවම මම අහක බලාගත්තා.. මට එයාට මූණ දෙන එක අපහසුවක් වගේ දැනුනේ.. ඉතින් මම අනිත් පැත්තට කාමරේට දිව්වා..

අම්මා ඇයි කියලා ඇහුවම මම රෑට නොකාපු නිසා ගෑස් වගේ කියලා ඇඳට වෙලා හිටිය එකයි කලේ... මට අහන්න ඕනේ උනා ජිමින්ගෙන්... ඒත් විශ්වාස කරනවද මේ ගෙවුන මාස කීපෙට එයාගේ ෆෝන් නම්බ් එකවත් මං ලඟ නෑ කියලා.. ඇත්තටම මට ඒක ඉල්ලගන්න වුවමනාවක් තිබ්බේ නෑ... එයා හැමවෙලේම මගේ ඇස් ඉස්සරහා හිටියා..

අන්න එතන වෙන්න ඇති මට වැරදුනේ... මගේ කියලා හිතන් හිටියට අන්තිමට මටත් නොකියම ජිමින් යන්න ගිහින්...

මම එහෙම්ම ඇස් පියාගෙන මේ උන දේවල් කල්පනා කලා.. දන්නෙම නැතුව මගේ ඇස් වලින් කඳුලු වැටෙද්දි මම ඉක්මනට බාත්රූම් එකට දිව්වේ අම්මට අහු උනොත් මට මීට වඩා අඬන්න වෙන නිසා.. 😪 මම දිගටම ඇඬුවා.. දිගටම.. මට කවදාවත් නැතුව ඇහි පිහාටු හරි බරට දැනුනා.. තෙත ඇඳුම් මාරු කරලා මම ඇඳට වැටුනා විතරයි මට මතක.. ඒ අතරේ අම්මා සැරෙන් සැරේ ආවා වගේ මතකයක් තිබුනා..

මම නැගිටිද්දි රෑ දහයයි... මම එහෙම්ම මගේ අඳෝනාව චාරුට කියලා ඉවර වෙද්දි වෙලාව පාන්දර දෙකයි... යසයි 🙂👍

දැන්වත් නිදාගන්න ඕනේ 😩






ඒ පැත්තට පෙරලෙනවා මේ පැත්තට පෙරලෙනවා නින්ද යන්නේ නෑ යකුනේ 😩😩😩 මොකක් නමුත් විපර්‍යාසයක් වෙලා මට.. ආශ්.......

COFFEE SHOP PRINCE | PJM ✔️Where stories live. Discover now