" ම්ම්ම්... පුරුදු සුවඳක්....? ටේ? මෙ ටේ නේද?? "
මම හෙමින් හෙමින් කොන්දත් අත ගගා නැගිටින්න හැදුවත් ඒ කෙනා මාව තවත් හයියෙන් අල්ලගෙන හෙමින් හෙමින් පස්සට වෙලා අපි ඒ බෑග් අස්සේ මුවා උනා..
-" ශ්ශ්ස්..... මම ටේ... කෑගහන්නෙපා ගෑනියේ දෙන්නටම කන්න වෙන්නේ..."
ටේ මගේ කට එයාගේ අතෙන් තදකර ගන්න ගමන් කිව්වා.. මගේ පපුව අසූහාරදාහට ගැහෙනවා අද කවදාවත් නැතුව.. ඒ අතරේ මම ටේගේ මුණ දිහා බලද්දි දැක්කේ මිනිහා නහය අමුතු කරන් ඉන්න හැටි.. බකස් ගාලා හිනා යන්න ආවත් මම කාගෙන හිටියා.. කටත් බාගෙට ඇරෙගෙන මහසෝනා ගහලා වගේ ටේ බලන් හිටියේ.. ටේගේ පපුව හෝ ගාලා ගැහෙනවා.. මිනිහා හුස්ම ගන්නෙත් අමාරුවෙන්.. ඒ දිව්ව නිසා කියලා මට තේරුනා..
-" හම්ම්..හ්..ම්..මෝ... උන්... ගි..යා... පල අහකට.."
ටේ හති දදා කියන ගමන් මාව තල්ලු කරලා දාලා කුණු ගොඩේම පෙරලුනා.. මාත් එහෙම්ම බිම පෙරලිලා හති ඇරියේ දුවලා දුවලා නිකන් බඩත් කොර වෙලා වගේ නිසයි..
-" ඒක නියමයි නේ..."
-" හ්ම්ම්... ඔව්.... හැබැයි තමුසේ නිසා අර බල්ලා මගේ මේ රාජකීය සරීරේ අනුභව කලා නම් බලාගන්න තිබ්බා මගේ හැටි... අදුරන පිස්සෙක් දුවනවා දැක්ක නිසා ඌමද බලන්න ආවේ.. බලද්දි බඩු හරි.. "
ටේ හිනා වෙවී එහෙම කිව්වා.. අපි දෙන්නා ඔහේ මහන්සිය යනකන් හාන්සි වෙලා ඒ බිල්ඩින් වල වහලවල් අස්සෙන් පේන අහස දිහා බලන් හිනා උනා.. මම හිතන්නෙ විනාඩී පහළවක් විතර යන්න ඇති.. ටේ ලඟදි මට දැනෙන්නේ ලොකු සැනසීමක්... ඒක නිසා වෙන්න ඇති අපේ අයියටත් ටේට කැමති.. ටේ ඉතින් මගේ ට්වීන් වගේ තමා..
-" එන්න..."
ටේ නැගිටලා මට අත දෙන ගමන් කිව්වා.. මාත් එයාගේ අත අල්ලන් නැගිට්ටා.. නැගිටින අතරෙත් මට ටේගේ තඩි නහය මතක් වෙනවා.. 😂😂😂
-" ඒ බඩගිනී 🙂🙂🙂🙂🙂 "
-" යමන්.. ෆිෂ් කේක් එකක් අරන් දෙන්නම්... සන්තකේටම තියෙන්නේ එච්චරයි 😂😂 මගේ පර්ස් එක ලොකර් එකේ.."
-" යසයි යසයි.."
අපි දෙන්නා ෆිෂ් කේක් වගේකුත් අරගෙන මග දිගට කකා ඔහේ ඉස්සරහට ගියා.. වෙලාව හතට කිට්ටු ඇති.. මගේ ෆෝන් එකත් පර්ස් එකේම තිබ්බ නිසා මම දන්නේ නෑ වෙලාව.. මම ටේගෙන් අහන්න ගියෙත් නෑ..
YOU ARE READING
COFFEE SHOP PRINCE | PJM ✔️
Fanfictionමොට්ට බොසා.............!!!! මේ යකාට එහා කොනේ ඉඳන් මෙහාටම එන්න ඕනේ උනානේ තේ කඩයක් දාගන්න.. ආශ්...... මම ඔහේට සාප කරනවා ලොක්කා... Start Date - 21.10.2021 End Date - 08.11.2021 All rights reserved under the copyright claim. Copyright 2021 © Nim_Nim...