5TH COFFEE

1.5K 396 66
                                    

මම යද්දි ජිමින් ලිස්සලා වැටිලා එතන තිබුන ට්‍රේ වගේකුත් පෙරලගෙනම..

ඌප්ප්ස්ස්... මං හිතන්නේ මට අමතක වෙලා ඒ හරිය ලිස්සනවා කියන්න..
ජිමින්ගේ මූණ නිකන් කජු ලෙල්ල වගේ 🙂🙂 මට ඒක දැක්කම හිනා යන්නත් එනවා.. ආයෙම කාගෙන හිටියේ මේකා මෙතන ආවේස වෙයි කියලා බයට..

-" මොන මගුලක්ද හලෝ කරන්නේ කොන්දත් රිදෙනවා... පිළිවෙලකට වැඩක් කරගන්නම බැරිද අහ්? කෙල්ලෙක් නේද? "

නොදකින්... නොදෝමකින්... මූ වැටුනත් ඒකටත් පලි මම මට නම් දැන් එපාම වෙලා.. සෙද්දේ ආදරේට හෙන ගහපන් කියලා මම මේ රෙද්දෙන් අයින් වෙනවා.. දැන් වෙන කෙනෙක්ව ගන්න පුලුවන් නේ..😒😒

-" නැගිටින්න..."

මම ජිමින්ට අත දෙද්දි එයා හෙමින් හෙමින් මාව අල්ලගෙන නැගිටලා මටත් ගස්සලා දාලා ගියා.. පස්ස තෙමිච්ච කුකුලා වගේ වතුර එකයි.. මට ඒකටත් මහ හයියෙන් හිනා යද්දි ජිමින් මං දිහා බලලා රැව්වේ මම වැට්ටුවා වගේ හරියට..

-" ලොක්කා........ ලොක්කා...... ඔයාගේ පස්ස.... ලොක්කා...."

මම කෑගහගෙන ජිමින්ගේ පස්සෙන් දිව්වේ මේකා කස්ටමර්ස්ලා ලඟටත් යයි කියලයි.. අනේ වාසනාවන් එයා ගිහින්.. හයිස්කූල් කෙල්ලො ටිකක් දාගෙන හිනා වෙනවා.. මාත් අමාරුවෙන් කට තද කරගෙන කැෂියර් එකට ගිහින් ඕඩර්ස් ටික ගත්තා.. ඒ ගන්න අස්සෙත් මගේ හිනාව සැරෙන් සැරේ එලියට පනිනවා.. ඒත් ජිමින්ට නම් ගානක්වත් නෑ.. මූට ලාදුරුද මන්දා පස්ස තෙමිලා කියලා තේරෙන්නේ නැත්තේ..

-" ටේ? "

ඒ එක්ක කැෆේ එකට ආවේ ටේ... මේ ගෙවුන මාස කීපෙටම ටේ ආව පළවෙනි වතාව මේ.. ටේ ආවේ එයාගේ ශිෆ්ට් එක ඉවර නිසා වෙන්න ඇති.. ඊයේ එයා නයිට් ශිෆ්ට්.. මිනිහා නම් ජිමින්ගේ තෙත බරි වෙච්ච පස්ස දිහා බලන් ඉඳලා හිනා වෙවීම ජිමින්ගේ කනට ලන් කරලා කිව්වා.. ජිමින්ගේ මූණ රතු වෙලා අටපට්ටම වගේ උනා.. 

ඒ මූණේ තිබ්බේ නිකන්,

" මම අද ඔහේව අමුවෙන් ගිලිනවා "

වගේ ලුක් එකක්.. ජිමින් අතේ තිබ්බ ට්‍රේ එකෙන්ම පස්සත් වහගෙන එද්දි මම විතරක් නෙමෙයි කැෆේ එකේ පොඩි බටු බටු කෙල්ලොත් හිනා උනා... හහ්... චූ කෙල්ලෝ.... ආවා මෙතන මයෙ ලොක්කට ලයින් දාන්න..

COFFEE SHOP PRINCE | PJM ✔️Where stories live. Discover now