6TH COFFEE

1.5K 410 176
                                    

-" මොකද වදේ.........!! "

මම ඔලුව උස්සලා ඇහුවේ බ්‍රේක් ගහගෙන ඉන්න ජිමින්ට තට්ටුවක් දාන ගමන්..

-" ඔයා පැත්තකට වෙන්න... මගේ අත අතාරින්නෙපා..."

ජිමින් එහෙම කියන ගමන් මගේ අතෙන් අල්ලගත්තා.. හත්තිකේ මයේ හාට්ටුව බජව් දානවා... කකුල් පණ නැති වෙනවා , නහය හිර වෙනවා , ඇඟම සට සට ගගා ගැහෙනවා , අතපය ලොක් වෙලා වගේ... මෙහෙම ගියොත් මම මීමැස්මොරේ හැදිලා මැරේවී.... 😩😩😩

-" බය වෙන්නෙපා... මගේ ලඟින්ම ඉන්න.."

ලඟින්ම ඉන්නලු බයවෙන්නෙපාලු.. මොකාටද බය වෙන්නෙපා කියන්නේ මෙයා.. හනේ මම එතකොටයි දැක්කේ අපි ඉස්සරහා කවුදෝ සෙට් එකක් ඉන්නවා..

-" දෙන්නගෙම වටින කියන දේවල් ගලවලා දුන්නොත් හොඳයි... කරදරයක් නොවී යන්න පුලුවන්.."

එකෙක් පොඩි පිහියක් දික් කරන් කිව්වා.. දැන් අපි දෙන්නා මුන්ට බයවෙන්න ඕනෙද 🙂 මං ඒත් බැලුවා මේ ජිමිනී මොකද මේ දතකට පූට්ටු කරගෙන ඇස් උලුප්පගෙන තොල විකාගෙන ඉන්නේ කියලා..

-" ඒයි... දුවමු........!! "

මම ජිමින්ට රහසෙන් කියන ගමන් හැරුනේ දුවන්න උනත් එකපාරට උන්ගෙන් දෙන්නෙක් ඇවිත් පාර හරස් කරගත්තා.. මදැයි... ජිමින් දැන් මං දිහා බලන්නෙ මාව උයලා කනවද බැදලා කනවද කියලා අහන්න වගේ...

-" ඇයි දෙන්නේ නෑ.. චන්ඩිද??? "

-" ඕයි නංගි කට වහනවා..."

-" ඔය බඩාලා එකෙක්ටවත් මම බය නෑ හරි.. මම සමා.. යකොව්.... සමා.... "

මම ඇටකිච්චි වගේ පැනලා කතා කරද්දි ජිමිනී මාව හයියෙන් අල්ලගත්තා.. අර හොරු සැට් එක ඇස් කටේ දාගෙන වගේ බලාගෙන ඉන්නවා බය් වෙලා.. උන් හිතන්නේ නැතුව ඇති මං වගේ බටු කෙල්ලෙක් ගේම ඉල්ලයි කියලා.. ගැම්මක් තමා... පොල්ලක් අතේ තියන් ඉන්න කහපාට බල්ලගේ ස්ටිකරේ...

-" අහ්ඩ්ජ්ජ් ඩුඩ්ඩ්ජ් ඝ්හ්ජ් හ්ඩ්ජ්ස්ජ් "

මොකත මේ වචන එන්නේ නැත්තේ?? අතෑරපල්ලා...... මට ගහගන්න දීපල්ලා.... කෝ යකොව් මගේ සද්දේ... කියනවා විතරයි නේ..

අහ්..😪 ජිමිනී මගේ කට අතෙන් වහලා නේත? මම එහෙම්ම ඔරෝලා බැලුවා ජිමින් දිහා 😡✋ මෙහෙම පුලුවන් ද ගහගන්න.. මගේ ඇස් වල කාන්තිය ජිමිනගේ ඇස් පොට්ට කරගෙන ගිහින්ද කොහෙද ඩෑල් එක කට අතෑරියා..

COFFEE SHOP PRINCE | PJM ✔️Where stories live. Discover now