1ST COFFEE

1.9K 411 142
                                    

-" අනාත සාගරෙ....... කුනාටු මාරුතේ........ ෆයර්ර්ර්ර්ර්.... අහ අහා.. දිවිය තියෙන තුරූ මයේ...... අම් ද වන් අයි ශුඩ් ලාආආආආව්ව්ව්ව්ව් ඕඕ..... මරියා සරමේ සරමේ සරමේ... අම් සෝ සික් ඔෆ් දිස් ෆෙක ලාආආඅව්... ෆෙක ලාඅව්ව්ව්......... "

-" ඕයි ඕයි නංගී.. මොනාද මේ කියන සින්දු? "

මම සින්දුවේ හොඳම කෑල්ලට එද්දිම අයියා ගම කෑවා.. හනේ හනේ.. මොට්ට සහෝදර සමාගම..

-" මොකතේ..?? ඔයැයිගේ කන් දෙක වසී උනා නේත? "

-" මේ සුදු.. මගෙන් ගුටි නොකා පල.. මම මේ දහාතේ කල්පනා කරනවා අරූ මොන ලෝකේ ගිහින්ද කියලා"

අයියා මට බැනලා ආයේ මිදුලේ එහාට මෙහාට සක්මන් කරන්න ගත්තා.. මොන යකෙක් වැහිලද මන්දා මූ උදේ ඉඳන් කෝල් ගහනවා ඔලුව කසනවා අම්මා හොයාගෙන යනවා.. ආයෙ මඟ බලනවා.. ශුවර් එකටම නැට්ටිච්චියෙක් එනවා ඇති මූව බලන්න.. ඉඳහන්කො.. හිතේ ඇති මේ සමාගේ ස්වර්ග රාජ්‍ය කෙලෙසන්න.. හූම්.. නෑනා ඉගෙන ගන්නේ මගෙන් තමා.. යසයි යසයි..

-" සුදු දූ........!! "

-" ආශ්.... ඔම්මා..........! "

හම්මට.... ඔම්මා නෙමේ අම්මා.. අයියගේ කෝප්ප හෝඳන්න ගිහින් මව්තුමී කතා කරපු කතා කෙරිල්ලට ඉදලත් වැටුනා කකුලට..

-" ඕක අතුගාලා ඉවරයක් නැද්ද ආහ්.."

-" අනේ අම්මේ... මේ මොට්ට ගහනෙ කොළ වට්ටන්නේ..."

-" උබට මම.."

-" හරි හරි අතුගානවා ඉතින් මේ... ඕකට කොස්ස ගන්න ඕනේ නෑනේ..."

අම්මා ඔරවන් ඉද්දි මම ආයේ අතුගාන්න ගත්තා.. මම මේ උදේ හතේ ඉඳන් අතුගාන්නේ.. අම්මත් උදේ ඉඳන් මොනාදෝ රස ජාති ගොන්නක් හදනවා.. මොකක් නමුත් විපර්‍යාසයක් වෙන හැඩයි හූම්.. ඒකනේ මේ ලපටි මට කියලා මිදුල අතුගාවන්නේ..

ආ කියන්න බැරි උනානේ මෙයාලා.. මම සමා.. කොටින්ම කිව්වොත් සමාධි රශ්මිකා.. වයස 23යි.. ඉන්නේ නම් කොරියාවේ... වාසභවන තියෙන්නේ උල්සාන් වල.. අපෙ තාත්තට මෙහෙට ජොබ් එක ලැබුනට පස්සේ අපි මෙහේ ආවා.. ගැම්මක් තමා හරිත.. මට ඉන්නවා සෝක් වහු පැටියෙක්.. ඒකගේ නම එශාන් ඔව් ඔව්.. අයියා තමා... ඒකට 27යි... මගේ ඩිප්ලෝමා එකේ ස්ටඩීස් ඉවර කරලා ගෙදර ඉදන් කා.බෝ.නී සේවයේ යෙදෙන අහිම්සක ජීවියෙක් මම.. මගේ විනෝදාංශය කේපොප් ඇන්ඩ් කේඩ්‍රාමා.. හම්මේ ඔප්පලා සැට් එක.. 😗😗😗😗

COFFEE SHOP PRINCE | PJM ✔️Donde viven las historias. Descúbrelo ahora