" චිමි... අපි ඔයාගේ ස්කූල් එක මාරු කරේ ඔයා ගැනම හිතලා... ඉස්සරහට මටයි පපාටයි ඔයා ගැන බලන්න වෙලාව හොදටම අඩු වෙනවා අපේ වැඩත් එක්ක... අනික ඔයා හොදටම දන්නවනේ පපාගේ තිබ්බ ලොකුම හීනයක් තමයි මේ හැබෑ වෙන්න යන්නේ කියලා... ඔයත් ඒකට සතුටු වෙන්න ඕන.. අනික මේ දේවල් කවදා හරි ඔයාටනේ.. ඒ නිසා දැන්වත් ඔය මූණ හරියට හදාගන්න....
කාර් එකට නැගපු වෙලාවේ ඉදන් ස්කූල් එක ළගට එනකන්ම මමා එකදිගට කිව්වේ ඔය කතාව....
අද මට හොද දවසක්.. මං අද සෝල් වල තියන ලොකු ස්කූල් එකකට යනවා.. ඒත් මගේ හිතට හරි නෑ.... ඒ වෙන දෙයක් නිසා නෙමෙයි මමා එයාලගේ වැඩ නිසා හැමදාම මාව තැන් තැන් වලට එක්ක යන නිසා.... මේ තමයි මං යන තුන්වෙනි ස්කූල් එක මීට කලින් මං ස්කූල් දෙකකට ගියා... ඒත් මමාගෙයි , පපාගෙයි වැඩ නිසා....
මගෙ මමායි, පපායි දෙන්නම ලෝයර්ස්ලා... එයාලා තව මාසෙකින් සෝල් වල නීතී ආයතනයක් ඕපන් කරනවා... ඒකේ වැඩ නිසා තමයි මගේ ස්කූල් එකත් මාරු කරේ... මට ස්කූල් එකේ ෆයිනල් එක්සෑම් එකට තව මාස අටයි තියෙන්නේ... ඒ ටිකටනේ මේ හදිස්සි වෙලා ආවේ......
" චිමී........
" එහෙනම් වැඩ ටික හොදට කරන්න...
" හවසට ඔයාව ගන්න මම හරි පපා හරි එන්නම්.....
මම ස්කූල් එක ළගින් කාර් එකෙන් බහිද්දි මමා එහෙම කිව්වා.....
මං මමාට මොකුත් නොකියම කාර් එකෙන් බැහැලා ස්කූල් එක ඇතුලට ආවේ හිතේ තිබුණ දුකටයි , තරහටයි දෙකටම....
එයලා මට ආදරේ ඇති... ඒත් මීට වඩා එයාලා මං ගැන සැලකිලිමත් වෙන්න ඕන... මට අවදානය දෙන්න ඕන... මගේ කැමැත්ත අකමැත්ත අහන්න ඕන.... ඒ කිසි දෙයක් නැතුව මේ වගේ මං ගැන තීරණ ගන්නෙ කොහොමද එයාලා... මං දැන් පොඩි ළමයෙක් නෙමෙයිනේ...
_________________________________________
මං ක්ලාස් එකට ඇතුල් වෙනවත් එක්කම ළමයි ඔක්කොම මං දිහා බැලුවේ පුදුමින් වගේ... ඇයි ඉතිං ෆයිනල් එක්සෑම් එකට මාස ගානක් තියෙද්දි කවුද මෙහෙම ස්කූල් එකකට අලුතින් එන්නේ...
YOU ARE READING
🍂 • FLOWER PETALS • 🍂 | Vmin | ✔️✔️
Fanfiction[ COMPLETED ] " නුඹ වෙනුවෙන් මගේ හදවතේ දළු ලා වැඩෙණ ආදරය...... දවසින් දවස මා මරණය කරා රැගෙන යන බව නොදැන සිටියා නොවෙයි මම........ 🍃 _🥀 HANAHAKI 🥀_ • නොදැනීම ඇති වෙන , ඇති වූ පසු නැති කිරීමට හැකි මුත් බොහෝ දෙනා එය සිදු කිරීමට අකමැති...