🍂 . 02 . 🍂

339 105 37
                                    





ස්කූල් ටයිම් එකෙන් පස්සෙ මං ගේට් එකෙන් එළියට ආවේ මමා හරි පපා හරි මාව එක්ක යන්න ඇවිත් ඇති කියලා හිතාගෙන.. ඒත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ වෙලාවේ ඇවිත් හිටියේ නෑ.....

දැන් ඉතිං මොනවා කරන්නද එනකන් ඉන්න ඕනනේ..... ඒක නිසා මං ගේට් එක ළගම ටිකක් එහා පැත්තට වෙන්න හිටගෙන පාර බලාගෙන හිටියා.....

ඒත් එක්කම පිටි පස්සෙන් ආපු කෙනෙක් මගේ කරට අත දාගන්නවා මට දැනුනා.. ඇත්තටම කවූද ඒ...?? මොකද මට මේ ස්කූල් එකේ එච්චර ළගින් ආශ්‍රේ කරන්න හොද යාළුවෙක් තාම ලැබුනේ නෑ... ඉස්සරහට ලැබෙයිද කියලා මං දන්නෙත් නෑ... අනික තව මාස අටයිනේ ස්කූල් එකේ ඉන්න තියෙන්නෙත් එහෙම එකේ යාළුවෙක් හිටියෙ නැතත් මට ප්‍රශ්නයක් නෑ..... අද උන දේ හොදටම ඇති ආයේ යළුකම් ඇති කරගන්න ගිහින් ඒ වගේ බොරු ප්‍රශ්න වල පැටලෙන්න මට කිසිම උවමනාවක් නෑ......




ඒ වෙලාවේ මගේ හිතට දැනුන ක්ෂණික සිතුවිලිත් එක්ක මං පිටි පස්ස හැරුනේ ඒ කවුද කියලා බලන්න......

යා..... මේ අර හේසොක් නේද......

ආයේ මොකාටද දන්නෙ නෑ එන්න හදන්නේ.....


මං මොකුත් නොකියා එහෙම හිතලා අනිත් පැත්ත හැරෙද්දි මෙන්න යුන්ගිත් ඒ පැත්තෙන් හිටගෙන ඉන්නවා....


මං එහෙට මෙහෙට වෙලා හේසොක්ගේ අතින් ගැලවෙන්න හැදුවට හේසොක් මට එයාගෙ අතින් නිදහස් වෙන්න ඉඩ දුන්නෙම නෑ......







" මොකද කියන්නේ......

අපි කියපු වැඩේට කැමතිද.....??

අන්න අතන තියනවා කොෆි ශොප් එකක්.......





යුන්ගි එහෙම කියන ගමන් ටිකක් ඉස්සරහට වෙන්න තියන කොෆි ශොප් එකක් පැත්තට ඇත දික් කරලා මට පෙන්නුවා....


මං සද්ද නැතුව හිටියට මගෙන් ඔය දේවල්නම් කවදාවත් කරගන්න ලැබෙන්නෙ නෑ..... මං මේ කටවහගෙන පුළුවන් තරම් ඉවසගෙන ඉන්නේ මේ ටික දවසට ප්‍රශ්න දා ගන්න ඕන නැති නිසා.... මං හිතින් එහෙම හිතන ගමන් යුන්ගි කියන එක ඇහුනේ නෑ වගේ අහක බලාගත්‍තා......



🍂 • FLOWER PETALS • 🍂  | Vmin | ✔️✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ