" Good Morning ජිමින්.......
මං ක්ලාස් එකට ඇතුල් වෙනවත් එක්කම හේසොක් මං දිහා බලලා හිනා වෙලා එහෙම කිව්වා....
ඒත් මගේ ඇස් නැවතු නේ හේසොක් ළග නෙමෙයි.....
මං අද කීයටවත් බලාපොරොත්තු නොවුන කෙනෙක් ළගයි ඒ වෙන කවුරුත් නෙමෙයි ටේහියුන්.....
යුන්ගියි , හේසොක් , ටේහියුන් තුන් දෙනාම අද උදේම ස්කූල් ඇවිත්....
ඇත්තටම එයාලා උදේමද....??
නැත්තම් මම පරක්කු වෙලාද....??
ඔව් අද මමයි පරක්කු වෙලා තියෙන්නේ... ඊයේ රෑ පුරාම මගේ පපුව හිරවෙන ගතියක් සැරින් සැරේම දැනුනා.... ඒ නිසා පාන්දර වගේ තමයි හරියට නින්ද ගියෙත්... ඒක නිසා මට උදේ ටිකක් පරක්කු උනා නැගිටින්න ඒත් දැන් පේන විදිහටනම් මම ටිකක් නෙමෙයි හොදටම පරක්කු වෙලා වගේ......
ඊයේ අච්චර තදට කැස්ස තිබිලත් ඇයි අද මෙයා ස්කූල් ආවේ.....
මම ක්ලාස් එකට ඇතුල් වෙන්නෙත් නැතුව තාමත් දොර ළග ඉදන් ටේහියුන් දිහා බලාගෙන....
" Good Morning ජිමිනා.....
මම ටේහියුන් දිහාම බලාගෙන ඉන්න නිසාද කොහෙද ටේහියුන් මං දිහා බලලා එහෙම කිව්වා....
ඒ වෙලාවෙනම් මට ලැජ්ජත් හිතුනා මොකද මං කවදාවත් දැකපු නැති කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ තමයි ටේහියුන් දිහා බලාගෙන හිටියේ.....
" අහ්.... Good Morning තුන් දෙනාටම
එක පාරට ගැස්සිලා වගේ එහෙම කියාගෙන මාත් එයාලා ඉදගෙන හිටපු තැනට ගියා....
තුන් දෙනාම ඉදගෙන හිටියේ ටේහියුන්ගේ මේසේ ළග...
" මං හිතුවේ නෑ ඔයා අද ස්කූල් එයි කියලා......
මං ගිය ගමන්ම ටේහියුන් දිහා බලලා එහෙම කිව්වා...
මං එහෙම කියනවත් එක්කම ටේහියුන් මං දිහා බලලා එකපාරට ඇහැක් ගැහුවා අර දෙන්නට නොපෙනෙන්න....
VOCÊ ESTÁ LENDO
🍂 • FLOWER PETALS • 🍂 | Vmin | ✔️✔️
Fanfic[ COMPLETED ] " නුඹ වෙනුවෙන් මගේ හදවතේ දළු ලා වැඩෙණ ආදරය...... දවසින් දවස මා මරණය කරා රැගෙන යන බව නොදැන සිටියා නොවෙයි මම........ 🍃 _🥀 HANAHAKI 🥀_ • නොදැනීම ඇති වෙන , ඇති වූ පසු නැති කිරීමට හැකි මුත් බොහෝ දෙනා එය සිදු කිරීමට අකමැති...