🍂 . 10 . 🍂

255 84 11
                                    




ටේහියුන්ගේ මේ වෙනස් හැසිරීම ගැන මම හේසොක් , යුන්ගි එක්ක කතා කරා.... ඒත් මං මගෙ හිතට ආපු හැම දෙයක්ම ඒ දෙන්නගෙන් ඇහුවේ නෑ... මොකද යාළුවෙක්ටත් උනත් එයාගේ යාළුවගේ ජීවිතේ ගැන දැනගන්න පුළුවන් සීමාවක් තියෙනවා... ඒ සීමාව ඉක්මවලා මට ටේ ගැන විස්තර දැනගන්න ඕන උනත්.... යුන්ගියි , හේසොක් ඉස්සරහා ඒ බව පෙන්නවන්න මට ඕන උනේ නෑ....




ඒ දෙන්නා කියපු විදිහට ටේ මම මෙහෙට එන්න මාසෙකට විතර කලින් ඉදන්ලු ඔහොම වරින් වර එයාගේ හැසිරීම වෙනස් කරන්න ගත්තෙ කියලා තමයි කිව්වේ.... වෙනදා හැමදාම ස්කූල් එන ටේ එක පාරට ස්කූල් එන අඩු කරාලු ඒ වගේම පුළුවන් තරම් අනිත් අයගෙන් ඈත් වෙලා තනියම ඉන්න උත්සහා කරා කියලා තමයි යුන්ගි කිව්වේ... ඒත් හේසොක් ඒකට විරුද්ද වෙලා කිව්වේ නෑ ටේහියුන් හැම වෙලාවෙම අපිත් එක්ක හිටියා කියලා... ඒත් ඒකට යුන්ගි කිව්වේ ඔව් ඒ මීට මාස එකහමාරකට විතර කලින් කියලයි. කොහොම නමුත් මේ දෙන්නා කතා කරන විලාසෙන් මට තේරුම් ගියේ ටේහියුන් ගැන වැඩි තොරතුරක් මේ දෙන්නා දන්නෙ නෑ කියලා....




ඔය අතර මම නිකමට වගේ ටේහියුන්ගේ සනීප වෙන්නෙ නැති මේ කැස්ස ගැන අහලා බැලුවා.... ඒකටත් දෙන්නම කිව්වේ ඒකත් මීට මාස එකහමාරකට විතර කලින් ඉදන් ටේහියුන්ට සැරින් සැරේ හැදුනා කියලයි....



ඒත් එකපාරටම මං ඒ ප්‍රශ්නේ අහලා ඉවර වෙනවත් එක්කම හේසොක්ගේයි , යුන්ගිගෙයි මූණ අමුතු උනා.... දෙන්නට දෙන්නා මූණෙන් මූණ බලාගත්තා..




ඇයි එයාලා දෙන්නා එහෙම හැසිරුනේ.... මගේ හිතට ඒ ප්‍රශ්නේ ආවාත් මම ඒක අහන්න ගියේ නෑ....




ඔහොම දවසින් දවස කාලය ගෙවිලා ගියා.... ටේහියුන් මගේ අතේ තුවාලේ යම්තාක් දුරට හොද වෙලා මට ලියන්න පුළුවන් වෙනකන් මං වෙනුවෙන් හැමදාම ස්කූල් ආවා... ඒ හැමදාම මං එයාට කිව්වේ මං වෙනුවෙන් ඒ තරම් දේවල් කරන්න ඕන නෑ කියලයි... ඒත් එයාගේ හිතට වරදකාරි හැගීමක් දැනුන නිසා වෙන්න ඇති එයා මං එපා කිව්වත් එහෙම කරේ.... ඒ දවස් කීපෙත් ටේහියුන්ට ස්කූල් එකේදි සැරින් සැරේ එයාගේ කැස්ස මතුවෙන්න ගත්තා..... ඒ ලෙඩේ හොද වෙන පාටක් තිබුණේ නෑ....  එයාට කැස්ස හැදෙන හැම මොහොතෙම එයා අනිත් අයව මග ඇරලා වොශ් රූම් එකට ගියා ඒ ගිහිනුත් විනාඩි 5 ට 10 ට විතර පස්සෙ තමයි එළියට ආවේ..මම ඒක හොදට නෝට් කරගෙන හිටියේ......





🍂 • FLOWER PETALS • 🍂  | Vmin | ✔️✔️Dove le storie prendono vita. Scoprilo ora