: ජිමින්....
: ඔයා හොදින්ද...
: ජිමින්.....
මං පපුව අල්ලගෙන පුටුවේ ඉදගන්නවත් එක්කම මෙච්චර වෙලාවක් නිශ්ශබ්දව හිටපු ටේහියුන් ඇදෙන් නැගිටලා මං ළගට ආවා....
: නෑ.... ප්රශ්නයක් නෑ
: ගැස්ට්රයිටිස් වෙන්න ඇති මං හිතන්නේ.... එක පාරට පපුවේ දැවිල්ලක් ආවා..
එහෙම බොරුවක් කිව්ව මං පුටුවේ ඉදගෙන ටික වෙලාවක් පපුව අතින් තදකරගෙන වගේ හිටියා....
: හොස්පිටල් එකේ ඉන්න නිසා බෙහෙත් අරගෙනම ගෙදර යන්න තියෙන්නේ...
යුන්ගි මං දිහා බලලා එහෙම කිව්වා... ඒත් මං ඒකට මොකුත් කිව්වේ නෑ....
ඒ අතර මට ආයෙම කැස්ස එන්න වගෙ ගතියක් දැනෙනවා....
වෙනදා වගේ නෙමෙයි... මට දැන් මගේ ඇගට අමුත්තක් දැනෙන්න ගත්තා...
: Excuse mee...
: Doctor ටේහියුන්ගේ යාළුවෙක්ට එන්න කිව්වා....
අපි හිටපු රූම් එකට ආපු නර්ස් කෙනෙක් එහෙම කියලා එතනින් යන්න ගියා...
: හේසොක් ඔයා යන්න....
යුන්ගි හේසොක් දිහා බලලා කිව්වා....
: ඉන්න... මාත් එන්නම්...
ඩොක්ටර් ළගට යන්න හැරුණ හේසොක් ළගට පුටුවෙන් නැගිටලා යන ගමන් මං කිව්වා...
: ඒත් ජිමින්...
: ඔයාට අමාරුයිනේ....
ටේහියුන් මගේ ගමන වලක්වන්න හිතාගෙන වෙන්න ඇති එහෙම කිව්වේ....
: නෑ දැන් ටිකක් අඩුයි......
ටේහියුන් දිහා නොබලා ඒ විදිහට බොරු කිව්ව මම හේසොක් එක්ක රූම් එකෙන් එළියට ආවා....
ඩොක්ටර්ගේ රූම් එකට යන්න අපි දෙන්නා කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගියේ.... ඒත් මට වැඩි දුරක් යන්න ලැබුණේ නෑ..... ආයෙම කැස්ස එන්න පටන් ගත්තා...
මේ පාරනම් කැස්ස නවතින පාටක් නෑ.... මම යන එක නවත්තලා බිත්තියක් අල්ලගෙන කැස්සා... පපුවම නිකන් ගැලවිලා එන්න වගේ....
![](https://img.wattpad.com/cover/290668937-288-k931445.jpg)
VOCÊ ESTÁ LENDO
🍂 • FLOWER PETALS • 🍂 | Vmin | ✔️✔️
Fanfic[ COMPLETED ] " නුඹ වෙනුවෙන් මගේ හදවතේ දළු ලා වැඩෙණ ආදරය...... දවසින් දවස මා මරණය කරා රැගෙන යන බව නොදැන සිටියා නොවෙයි මම........ 🍃 _🥀 HANAHAKI 🥀_ • නොදැනීම ඇති වෙන , ඇති වූ පසු නැති කිරීමට හැකි මුත් බොහෝ දෙනා එය සිදු කිරීමට අකමැති...