" ජිමින් ඔයා.......
මම ටේහියුන්ගේ රූම් එක ළග බෙල් එක ගහනවත් එක්කම දොර ඇරගෙන එළියට ආපු ටේහියුන් පුදුමින් වගේ මං දිහා බලලා එහෙම කිව්වා.....
" ඔව්....
" මේ.. ලීනා ඔයාට මේ කෑම එක දෙන්න කියලා කිව්වා.....
" ඒක අරගෙනයි මම ආවේ....
මම දොර ළග ඉදන්ම මගෙ අතේ තිබුණ පාර්සල් එක ටේහියුන්ට පෙන්නන ගමන් එහෙම කිව්වේ මගේ වුවමනාවට අදත් ආපු බව නොපෙන් වන්න හිතාගෙනයි..
" ආ.... හරි එන්නකෝ ඇතුලට
" ඔයාට මං නිසා කරදරේ නේද ජිමින්
එහෙම කියන ගමන් ටේහියුන් දොර ළගින් ටිකක් අයිනට වෙලා මට ඇතුට යන්න ඉඩදුන්නා......
" මේ මොකද මේ..........
දොරෙන් ඇතුල් වෙනවත් එක්කම බිම බැලවුණ මට දකින්න ලැබුණේ බිම හැමතැනම විසිරිලා තියන රතු රෝස මල් පෙති....
ඒ නිසාම මම තව අඩියක් ඉස්සරහට තියන්න කලින් මට පිටි පස්සෙ හිටපු ටේහියුන් දිහා හැරිලා බලන ගමන් එහෙම ඇහුවා....
" අහ්.... මේ.... ඔය....... මම ඊයේ....මේ.... බෙහෙත් ගන්න ගිහින් එනකොට බඩුවගයක් ගන්න කියලා සුපර් මාකට් එකට ගියා...
" එතකොට මං දැක්කා ලස්සන Red roses වගයක් තියනවා ඉතිං මං එතනින් මල් කීපයක් අරගෙන ආවා..
" ඒත් එද්දි බඩුත් එක්ක එහෙට මෙහෙට වෙලා මල් තුනක් විතර කැඩිලා පෙති ගැලවිලා ගිහින් තිබුණා.. fresh flowers නේ... මං ඇගේ මහන්සියට ඒ ටික එහෙම්මම දාලා රෑ නිදියා ගත්තේ... ෆෑන් එකට පෙති හැමතැනම ගිහින් උදේ බලද්දි...
" තාම රූම් එක අතුගාන්නවත් බැරි උනා ජිමින්.....
එහෙම කියන ගමන් මගේ කරට අතදාගෙන ටේ හිනා වෙවී ඉස්සරහට මාත් එක්කම ඇවිදගෙන ගියා...
ඔව් ඇත්තටම ටේහියුන් කිව්වා වගේ එයාගේ මේසේ උඩ තිබුණ මල් වාස් එකේ Red rose මල් දෙකක් තිබුණා....
STAI LEGGENDO
🍂 • FLOWER PETALS • 🍂 | Vmin | ✔️✔️
Fanfiction[ COMPLETED ] " නුඹ වෙනුවෙන් මගේ හදවතේ දළු ලා වැඩෙණ ආදරය...... දවසින් දවස මා මරණය කරා රැගෙන යන බව නොදැන සිටියා නොවෙයි මම........ 🍃 _🥀 HANAHAKI 🥀_ • නොදැනීම ඇති වෙන , ඇති වූ පසු නැති කිරීමට හැකි මුත් බොහෝ දෙනා එය සිදු කිරීමට අකමැති...