🍂 . 14 . 🍂

377 90 105
                                    




ලීනා ටේ ගේ ආදරෙ පිළිගත්ත දවසේ ඉදන් කාලය හෙමිහිට ගලාගෙන ගියා... දවසින් දවස ඒ දෙන්නගේ ආදරේ දළු ලද්දි... , ටේ ගේ අසනීපේ සුව වෙද්දි... මගේ හදවතේ ටේ වෙනුවෙන් උපන් ආදරේ නිසා හටගත් මල් පැළේ තව තවත් වර්ධනය උනා....


ඒ මගේ මරණයට දින ගණින ගමන්...


ඒත් මේ කාලය පුරාවට මං ලබපු ජයග්‍රහණයනම් තාමත් කිසි කෙනෙක්ට නොදැනෙන්න මේ ලෙඩේ හංගගෙන ඉන්න එකයි... ඒ මං ගන්න පේන්කිලර් වලට පිං සිද්ද වෙන්න..  මට ඕන මගේ මරණය දක්කවාම මේ ලෙඩේ රහසක් හැටියට තියාගන්න...



මට මගේ මමා , පපා ගැන දුකයි.. නමුත් මෙතනදි මමත් අසරණයි.. මට කීයටවත් ඕන නෑ මගේ හිතේ ඇති උන කුළුදුල් ආදරේ මරලා දාන්න.... විශේෂයෙන් ටේ වෙනුවෙන් මගේ හිතේ ඇති උන ආදරේ මරලා දාන්න....




ඉස්සර ටේ ස්කූල් එන්නෙ නැතුව හිටියා වගේ දැන් ගොඩක් දුරට මම ස්කූල් යන එක අඩු කරා... හැමෝම හිතුවේ එක්සෑම් ළග නිසා මම පාඩම් කරන්න ගෙදර ඉන්නවා කියලා... වෙලාවට ඒකත් මට ලොකු සහනයක් උනා....



ඒත් ඊයේ ක්ලාස් ටීච කෝල් කරලා මට අද ස්කූල් එන්න කිව්වා... ඒක නිසා මම ඇගට අමාරුවක් දැනුනත් උදේම ලෑස්ති වෙලා ස්කූල් එකට ආවා.....



Main assembly එක ඉවර වෙලා ළමයි පෝළිමට ක්ලාස් වලට කොරිඩෝ එක දිගේ ඇවිදගෙන යද්දී මගේ පපුව හිරකරගෙන කැස්සක් එන්න වගෙ ආවා... ඒක නිසා මම ක්ලාස් එකට නොයාම මගින් හැරිලා වොශ් රූම් තියන පැත්තට දුවගෙන ගියා....



ගිහින් වොශ් රූම් එකේ දොරත් වහගෙන හොදටම කැස්සා.. හොද වෙලාවට ඒ වෙලාවේ වොශ් රූම් එක අවටවත් කිසිම ළමයෙක් හිටියේ නෑ....


ඒත් මම නොහිතපු වෙලාවක මගෙන් අවසරයක් නොලබාම වොශ් රූම් එකේ දොර ඇරගෙන කෙනෙක් ඇතුළට ආවා....



දොර අරින සද්දෙට ගැස්සුන මම එකපාරටම කහින ගමන් දොර දිහා හැරිලා බැලුවේ මගෙන් අවසරයක් නොලබාම ඇතුල් උනේ කවුද කියලා බලන්නයි...

ඒ අතර හදිස්සියෙන්ම ආපු නිසා දොර ලොක් කරන්නත් බැරි උනා නේද කියලා මට මතක් උනා...




🍂 • FLOWER PETALS • 🍂  | Vmin | ✔️✔️Où les histoires vivent. Découvrez maintenant