My Mafia Man💕(18+)

9.3K 285 186
                                    

[Tae's room]

ටේහ්‍යුන් dorm එකට ගිහින් හිටියත් කෙල්ල තාම කොල්ලගෙ උකුලෙ සැප නින්දෙ ඇහැරෙන්න තියා හිතලා වත් නෑ..ටේහ්‍යුන් ආයෙත් නිශූගෙ නලල ඉබලා හිමීට කෙල්ලව ඇහැරෙන්නෙ නැති වෙන්න වඩා ගත්තා..ටේහ්‍යුන් බයේ හිටියෙ එයාගෙ මොන්ගල් පවුල කෑගහගෙන ආවොත් එයාගෙ චූටි කෙල්ල බයවෙයි කියලා ..ටේහ්‍යුන්ගෙ කාර් එකේ සද්දෙ ඇහුනු ගමන් ජීසු දුවගෙන එලියට ආවා එයා දැක්කෙ නිශූ හොඳටම නිදි කියලා ඉතින්

" ෂ්ෂ්ෂ්ෂ්ෂ්...අපේ චූටි කෙල්ල නිදි.."
අනිත් අයට එහෙම කියලා බැලුවේ නිශූ දිහා නිශූ හා පැටියෙක් වගේ ටේහ්‍යුන්ට තුරුල් වෙලා..ලවිත් කුකීගෙ ඇදේ හොඳටම නිදි.දෙන්නම ඉස්කෝලෙ හොඳටම නටලා සෙල්ලන් කරලා නිසා මහන්සි ඇති...ජීසු ආසව වැඩිකමට නිශූගෙ ඔලුව අතගෑවා..ජීසු හිතුවා එයාටත් නිශූ වගේම දුවෙක් මයි ඕනි කියලා ..ජිනුත් නිශූ දිහා ආදරෙන් බලන් හිටියෙ අනිත් අයත් එහෙමයි..

" ටේ..කෙල්ලට මහන්සි ඇති ගිහින් ඇදෙන් තියන්නකෝ..කොහොමත් රෑටනෙ පාටිය..ම්ම්.."

ටීනා එහෙම කිව්වාම ටේහ්‍යුන් ඔලුව වනල එයාගෙ කාමරේට ගියා..

" පොඩි කෙල්ලො දෙන්නා බය වෙයිද
දන්නෙ නෑ මුන් දෙන්නගෙ කාමර දෙක දැකලා...කලු කලු විතරයි නේ "

ජින් කිව්වම අනිත් ඔක්කොම හිනාවෙන්න ගත්තා..ටේහ්‍යුනුයි ජන්කුක්ගෙයි කාමරේම කලු පාටයි හැබැයි රෑට මුලු සෝල් නගරෙම හොඳටම පේනවා හරිම ලස්සනයි ..
[රූපෙ වගේ ]...ටේහ්‍යුන් නිශූව ඇරෙන්නෙ නැති වෙන්න හරි පරිස්සමෙන් එයාගෙ පුංචි රෝස මලව ඇදෙන් තිබ්බේ..එහෙම්ම නිශූගෙ සපත්තු ගලෝලා ..තුවාල වෙලා තිබ්බ චූටි ඇගිල්ලත් බැලුවා කොල්ලා බය උනා නිශූ ඒක පාර ගනී කියලා ..එහෙම්ම ඒ චූටි ඇගිල්ලට හාදුවක් දීලා සපත්තු දෙකත් පැත්තකින් තිබ්බා..නිශූ නන් පෙරලෙනවා..ටේහ්‍යුන්ට හිනා..කෙල්ලගෙ කොන්ඩෙත් ලෙහිලා පොඩ්ඩක් ..ටේහ්‍යුන් නැගිටලා කෙල්ල ලගින් වාඩි වෙලා පොඩ්ඩක් ඉස්සිලා තිබ්බ කෙල්ලගෙ සායත් හදලා බෙඩ් ශීට් එක පෙරෙව්වා..නිශූගෙ අවුල් වෙලා තිබ්බ කොන්ඩෙත් හදලා ඒ කම්මුල් සිනිඳුවට පිරිමැද්දා ..නිශූ ඒ ස්පර්ශයට රිඇක්ට් කරේ ටේහ්‍යුන්ගෙ අතට මූන නැඹුරු කරන ගමන්...

<< ɱყ ɱαϝια ɱαɳ >>k.th ✔️Where stories live. Discover now