My Mafia Man💕

1.2K 197 95
                                    

" ආනී..ආනී බේබි..මන් එහෙම දේවල් කරන්නෙ නෑ..ඒ අහිංසක අය "

" මට ඔයාව විශ්වාසයි..ටේ ප්ලීස් ඒ විශ්වාසය කඩන්න එපා කවදාවත් .. "

" පින්කි ප්‍රොමිස්.. "

" පිස්සා..😂 ඒවගේම තව පොරොන්දුවක් ඕනි..ආයෙ කාවවත් මරන්න එපා ටේ..පොරොන්දු වෙන්න..අදින් පස්සෙ කවදාවත් අහිංසක කෙනෙක්ට කරදරයක් කරන්නෙ නෑ කියලා "

නිශූගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තු කොල්ල නිශූගෙ ඇස් දිහා බලල හීන් හිනාවක් දුන්නා..එහෙම්ම කෙල්ලගෙ නලලට හාදුවක් දීපු කොල්ල නිශූව එයාගෙ පලල් පපුවට තුරුලු කරගත්තා

" මන් පොරොන්දු වෙනවා..බේබි අදින් පස්සෙ මගෙන් කවදාවත් අහිංසක කෙනෙක්ට කරදරයක් වෙන්නෙ නෑ කියලා ..ඒත්..ඒ කෙනා කොච්චර අහිංසක උනත්..ඔයාට හීරිමක් හරි ඒ කෙනාගෙන් උනොත්..එදාට මේ පොරොන්දුව කඩන්න මන් දෙපාරක් හිත හිත ඉන්නෙ නෑ රෝසමල..ඒකත් මතක තියාගන්න..ම් "

නිශූ ටේහ්‍යුන්ගෙ දිහා බලල ඔලුව වැනුවෙ අන්තිමේ වචන පේලියෙ තිබ්බ තර්ජනාත්මකබවට හොඳටම බය වෙලා..

කෙල්ලගෙ උණ බැහැල ද කියලා බලපු කොල්ල සැනසුම් සුසුමක් හෙලුවෙ කෙල්ලගෙ ඇග දැන් රස්නෙ නැති නිසා..නිශූගෙ සිනිඳු දිග කොන්ඩ කෑලි කන දෙපැත්තට වෙන්න රදෝල..කෙල්ලව ශීට් එක අස්සට ගුලි කරපු ටේහ්‍යුන් ඇදෙන් නැගිට්ටේ නිශූගෙ පුංචි රෝස තොල්වලට ආදරේ පිරුණු චූටි හාද්දක් තියන ගමන්..

" මන් ආදරෙයි රෝසමල.. "

කෙල්ලගෙ චූටි කන්පෙත්තකට නැමිල කොදුරපු කොල්ලා දොරත් වහගෙන කාමරෙන් එලියට ගියේ ෆෝන් එක අතට ගන්න ගමන්..

" ඌව අරන් ආවද..? "

" ඔව් බොස්.. "

"හ්ම්..ගුඩ් "

ටේහ්‍යුන්ගෙ මූනෙ තිබ්බේ අමුතුම හිනාවක් ..ඒක නිශූ එක්ක කොල්ලගෙ මූනෙ තියෙන සතුටින් පිරුණු හුරතල් හිනාවක් නම් නෙමේ..වියරුවෙන් වගේ ඇදුනු කටකොනේ හිනාවක්..අත් දෙක සාක්කුවට දාගෙන කොල්ල අඩි තිබ්බේ හෙල් එකට..

දාහක් මිනිස්සුන්ගෙ විලාපෙ මැද්දෙ කොල්ල ඒ මැදින් ඇවිදගෙන ගියේ ඒ මිනිස්සුන්ව දූවිල්ලක් තරම්වත් මායිම් නොකර..පුංචි කූඩුවල බල්ලො බලල්ලු වගේ මිනිස්සුන්ව කූඩු කරල..දවස් ගනන් කෑමක් හම්බෙලා නැති ඉහින් කනින් ලේ පෙරන්..වේලුනු ..අලුත්..තුවාල වලින් පිරුණු ඒ මිනිස්සු වියරුවෙන් වගේ කෑගැහුවා..ඇඩුවා..වේදනාව දරාගන්න බෑ වගේ...

<< ɱყ ɱαϝια ɱαɳ >>k.th ✔️Where stories live. Discover now