Hara POV
අද තමයි දවස. මං මාළිගාවෙන් එළියට යන. කලින් ගිහින් තිබුනට කවදාවත් මං තනියම ගිහින් නෑ. මං සාමාන්‍ය hanbok එකක් ඇදගත්තේ මිනිස්සුන්ට මාව අදුරගන්න බැරි වෙන්න
Jung-hee තමයි මට මේක ගෙනත් දුන්නේ. මගේ පාලිකාවෝ එයාලා ගැන කිව්වොත් මං එයාලව කැළේට යැව්වා🌝... පැළෑටි වගයක් හොයන් එන්න කියලා... ඒත් හැමෝම ගියේ නෑ ඒක නිසා මං Jungheeට මගේ ඇදුම් ඇදගන්න කිව්වා... කොච්චර බෑ කිව්වත් මගේ අණක් කිව්ව ගමන් එයාට කරගන්න දෙයක් නැති වෙනවා...
මගේ කුටියෙන් එළියට ආවට පස්සේ මං ගියේ මාළිගාවේ පිටිපස්සේ දොරටුවට...එතන සෙබලු නැත්තෙමත් නෑ අනිත් දොරටු වලට වඩා අඩුවෙන් ඉන්නේ... දෙන්නෙක් විතර...
ළග තිබුන ගල් කැටයක් අහුලන් ඒක වෙන පැත්තකට ගැහුවට පස්සේ මේ මෝඩයෝ දෙන්නම එක්කෙනෙක් ගිහින් බලන් නැතුව දෙන්නම මෝඩයෝ දෙන්නා වගේ ඒක හොයන්න ගියා 😆...
උන් දෙන්නා එන්න කලින් ඉක්මනට මාළිගෙන් පැන ගත්තට පස්සේ නගරේ දිහාට ඉක්මනට දුවන් ගියේ කාටවත් අහුවෙන්න බැරි නිසා...
නගරයට ආව මට පොඩි බයක් දැනුනේ මේක මගේ පළවෙනි වතාව නිසා.ඔයාට මේක කරන්න පුළුවන් hara... නගරයේ තියන තැන් ඉක්මනට මට අදුරගන්න පුළුවන් වුණේ මං පුස්තකාලේ තිබිලා හොයාගත්ත පොතක් නිසා...
Soo-Wook(JK) POV
අදත් මැණියන්ගෙන් සුපුරුදු වචන ටික අහගෙන මං නගරයට ගියේ ගෙදර ඉන්න කම්මැලි නිසා... Je-seok එයාට අද වැඩ තියනවලු.නගරේ ඇවිදන් යනකොට මං දැක්කා දෙයක්... ඒවා ගොඩක් රස පාටයි...මගේ ළග කාසි තිබ්බේ නැති නිසා කරන්න තියෙන්නේ එක දෙයයි.. මට සමාවෙන්න මෑණියනි...
YOU ARE READING
𝚃𝚑𝚎 𝙻𝚘𝚜𝚝 𝙿𝚛𝚒𝚗𝚌𝚎 [[𝙹𝙹𝙺]]√
Fanfiction"ඒක වෙන්න බෑ.මං කොහොමද sillaවේ කුමාරයා වෙන්නේ???" Fan fiction එකක් විතරයි. මනඃකල්පිත කතාවකි.., Started : 09 November 2021 Ended : 13 February 2022