Chapter 10

393 69 5
                                    

වසර 20කට පෙර,
Silla රාජ්‍යය

කුමරුන්ට උපත දුන්නු අග බිසව සිහිසුන් වුණා.. රජතුමා කලබල වුණත් වෙදදුරු පැවසුවෙ මහන්සියට අග බිසව සිහිසුන් වුණා කියලා.
ටික වෙලාවකින් සුදු පාට රෙද්දකින් ඔතපු පුංචි කුමරු අග බිසවගෙ එහාපැත්තෙන් සේවිකාවක් තිබ්බෙ හරිම පරිස්සමින්..

දැන් අග බිසවගෙ කුටියෙ හිටියෙ අග බිසවයි පුංචි කුමරුයි විතරයි..
ටික වෙලාවකින් අග බිසවට හෙමින් සිහිය එන්න ගත්තා..  අග බිසව ඇස් ඇරුණු ගමන් දැක්කෙ තමන්ගෙ එහාපැත්තෙ හරිම හුරතල්ව නිදාගෙන ඉන්න පුංචි කුමරුව

හෙමීට කුමරුව තමන්ගෙ අතට ගත්ත අග බිසව කුමරුගේ මූණ දිහා බලන් හිටියා.. කුමරු හරිම ලස්සනයි. තාම පුංචි කුමාරයෙක් වුණත් තරුණ වියට පත්වෙනකොට කුමරු ගොඩක් කඩවසම් කුමාරයෙක් වෙයි කියලා අගබිසවට හිතුනා

ටිකකින් අගබිසවගෙ ඇස් ගියේ කුමරුගෙ පුංචි කකුල් දෙකට..  කුමරුගෙ පුංචි කකුල් අල්ලපු අග බිසව දැක්කෙ කුමරුගෙ යටි පතුළ හරියට වෙන්න තියන චූටි තිත් තුනක්

ඒ කුමරුගෙ උපන් ලප තුනක් එකම ළග යටි පතුලෙ.. කුමරුගෙ මූණ දිහා ආයෙත් බලපු අග බිසව දැක්කෙ කුමරුගෙ යටි තොලට පොඩ්ඩක් යටින් තිබුන උපන් ලපයක්..
"මගෙ කුමරු ගොඩක් හුරතල්"

Present

Hara POV

ආහ් අර හාවා අර නිළ ඇදුමට ගොඩක් කඩවසම්.. ඇයි එයා එච්චර කඩවසම් , හුරතල්🤧
මට ටිකක් එළියට යන්න ඕනි මාළිගාවෙ මං කැමතිම තැනට

Author POV

Hajunගෙ කීමට තමා හරාට මාළිගාවෙ එහෙට මෙහෙට යන්න අවසර දුන්නෙ.. මොනා වුණත් Hajun නැත්තම් තාමත් හරා එයාගෙ මාළිගාවට කොටුවෙලා

හරා එළියට යද්දිම එයාගෙ පාලිකාවො , සෙබලු , සූවුක් එක්ක එයාගෙ පිටිපස්සෙන් ආවා

හරා : හරි හරි මා මේ ළගට යන්නෙ.. මගෙ පිටුපසින් පැමිණෙන්න එපා
සූවුක් : සමාවෙන්න කුමරියනි නමුත් එය තමා අපට ලැබී තිබෙන නියෝගය
හරා : "හාවෙක් ගිය උඩ😒"
හරා : එසේද?? එසේනම් මෙයත් මාගේ නියෝගයක්😌
??? : කුමරියනි

𝚃𝚑𝚎 𝙻𝚘𝚜𝚝 𝙿𝚛𝚒𝚗𝚌𝚎 [[𝙹𝙹𝙺]]√Where stories live. Discover now